spot_img
spot_imgspot_img

රට පුරා ම ඇඳිරිනීතිය පනවයි

පුවත්

විදෙස්

අද (02) සවස 6.00 සිට සඳුදා (04) අලුයම 6.00 දක්වා රට පුරා ඇඳිරිනීතිය පැනවූ බව රජය නිවේදනය කර සිටියි.

ඊයේ රාත්‍රී ‍ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කරමින් හදිසි නීතිය ද පැනවූයේය.

හෙට දිවයින පුරා බොහෝ නගරවල දේශපාලන මෙහෙයවීමකින් තොරව ජනතා උද්ඝෝෂණ මාලාවක් සංවිධානය වෙමින් තිබූ අතර එම උද්ඝෝෂණ සඳහා නායකත්වයක් හෝ මෙහෙයවන්නකු පිළිබඳ අනාවරණයක් නොවූව ද රටේ අතිවිශාල ජනතාවක් ඒ උද්ඝෝෂණයට සහභාගීවන බව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් තිබිණි.

මෙවැන් තත්වයක් මත හදිසි නීතිය පැනවූ රජය ඇඳිරිනීතිය ද පනවා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!