spot_img
spot_imgspot_img

“රජතුමාගේ වැසියන් විරුද්ධ කළා” යැයි GoHomeGota හි Admin අධිකරණයට

පුවත්

විදෙස්

පොලිසිය විසින් රැගෙන යාමෙන් පසු පැය ගණනක් ගතවනතුරු සොයාගත නොහැකිව සිටි අනුරුද්ධ බණ්ඩාර මෝදර පොලිසියේ රඳවාගෙන සිටියි. මෝදර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ඔහු රඳවාගෙන සිට ඇත.

Go Home Gota නමැති සමූහයේ Admin වරයකු ලෙස කටයුතු කළ ඊයේ (01) රාත්‍රී පොලිස් නිලධාරීන්යැයි කියාගත් පිරිසක් විසින් රැගෙන ගොස් තිබිණි. ‍ඔහු ගැන සොයා බැලීමේ දී මෝදර පොලිස් ස්ථානාධිපතිවරයා පවා කියා සිටියේ ඔහු රැගෙනවිත් නැති බවයි.

මේ පිළිබඳ ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් මානව හිමිකම් කොමිසමේ සභාපතිවරයාට දැනුම්දීමෙන් පසු කරන ලද සොයාබැලීම්වල දී ඔහු මෝදර පොලිස් ස්ථානයේ රඳවාගෙන සිටින බව අනාවරණය වී ඇත.

නීතිඥවරු මේ වනවිට ඔහුට අවශ්‍ය නීතිමය සහයෝගය ලබාදෙමින් සිටින අතර පොලිසිය පවසා ඇත්තේ දණ්ඩනීති සංග්‍රයේ 120 වගන්තිය අනුව කරුණු ගොනුකරමින් අනුරුද්ධ බණ්ඩාර අද (02) සවස 4.00ට අලුත්කඩේ අංක 06 දරණ අධිකරණයට ඉදිරිපත් කරන බවයි.

දණ්ඩනීති සංග්‍රහයේ 120 වගන්තියේ මෙසේ දැක්වෙයි.

“කතාකරනු ලැබූ හෝ කියවීමට අදහස් කරනු ලැබූ වචනයෙන් හෝ සංඥා‍වලින් හෝ දැකිය හැකි නිරූපණවලින් පිහිටුවනු ලැබූ ලංකාණ්ඩුවට විරුද්ධත්වය දැක්වීමේ හැඟීම් අවුස්සවහොත් හෝ ඇවිස්සීමට තැත්කරතොත් හෝ නීතිය ක්‍රියාවෙහි යෙදවීමෙහි දී වෛරයක් හෝ අගෞරවයක් ඇති කරවතොත් හෝ ඇති කරවීමට තැත්කරතොත් හෝ නීත්‍යානුකූළ මාර්ගවලින් නොව අන් ලෙසකින් පිහිටුවනු ලැබූ යමක් වෙනස් කරවීමට රජතුමාගේ වැසියන් උනන්දු කරවතොත් හෝ රජතුමාගේ වැසියන් අතර අසන්තෝෂය හෝ විරුද්ධත්වයක් ඇති කරවීමට හෝ එබදු වැසියන්ගේ වෙනස් පංති අතර සතුරුවූ ද අසමරැඟි වූ ද හැඟීම් වැඩි දියුණු කිරීමට තැත් කරතොත් ඔහුට අවුරුදු දෙ දක්වා කාලයක ලිහිල් බන්ධනාගාර ගත කිරීමකින් දඬුවම් කළ යුතුය.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!