spot_img
spot_imgspot_img

ජනාධිපති මාධ්‍ය අංශයේ යැයි කියාගන්නා පිරිසක් මිරිහානේ දී මාධ්‍යවේදීන්ට බාධා කරති (වීඩියෝ සහිතයි)

පුවත්

විදෙස්

ජනාධිපති මාධ්‍ය අංශෙය් යැයි කියාගන්නා පිරිසක් අද (01) උදෑසන මිරිහානේ දී මාධ්‍යවේදීන්ගේ රාජකාරියට බාධා කරමින් බලපෑම් එල්ලකළ බව එහි ගිය මාධ්‍යවේදීහු පවසති.

ඔවුන් ඇතැම් මාධ්‍යවේදීන්ගේ හැඳුනුම්පත් පවා පරීක්ෂා කරමින් ඒවායේ ඡායාරූප ද ගෙන තිබේ.

ජනාධිපති මාධ්‍ය ඒකකයේ සිටින්නේ ආරක්ෂක අංශ නොවේ. යම් සැකයක් ඇත්නම් සහෝදර මාධ්‍ය වෘත්තිකයකුගෙන් ඔහුගේ ආයතනය, නම ඇතුළු අනන්‍යතාව විමසා සිටියාට ගැටලුවක් නැතැයි ද නමුත් මෙලෙස බලපෑම් කරමින් මාධ්‍යවේදීන්ගේ හැඳුනුම්පත්වල ඡායාරූප ගැනීම මාධ්‍යයට කරන අනිසි බලපෑමක් බවත් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන ප්‍රකාශ කරයි.

මාධ්‍යවේදීන්ට මෙලෙස බලපෑම් කරමින් මාධ්‍ය නිදහසට බාධා කරමින් සිටි ජනාධිපති මාධ්‍ය අංශයේ යැයි කියාගන්නා එක්තරා පුදුගලයකු මාධ්‍යවේදීන්ගෙන් මාධ්‍ය නිදහස කියන්නේ ජාතිවාදය වෛරය වැපිරවීමදැයි අසයි. මා‍ධ්‍යවේදියාගේ රාජකාරිය කවරක්ද යන්න මේ පුද්ගලයන් නොදැන්නා ඔවුන් කවුරුන්ද යන්න ජනාධිපති මාධ්‍ය අංශ ප්‍රධානී සුධේව හෙට්ටිආරච්චිගෙන් විමසීමට ඔහු සම්බන්ධ කරදෙන ලෙස මාධ්‍යවේදීන් ඔවුන්ට පැවසුව ද ඔහු සම්බන්ධ කර දෙන්නේ ද නැත.

මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන පවසන්නේ මෙලෙස තම මාධ්‍ය වාර්තාකරණයට බාධ කළ පුද්ලයන් “පස්සේ බලාගනිමු” යැයි ද පැවසූ බවයි. එය තමන්ගේ ජීවිතයට තර්ජනයක් බව ද මාධ්‍යවේදීහු කියති.

වීඩියෝ දර්ශන

(1) Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!