spot_img
spot_imgspot_img

මිරිහානේ විරෝධතාවයේ 45 දෙනකු අත්අඩංගුවට

පුවත්

විදෙස්

මිරිහා‍නේ දී ඊයේ (31) රාත්‍රී පැවැති විරෝධතාවය අතරතුර බස් රථයකට හා වාහනවලට හානිකළ බවට චෝදනා කරමින් කාන්තාවක් ඇතුළු 45 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

පොලිසිය පවසන්නේ මේ විරෝධතාව අතර යුද හමුදා බස් රථයකට, ජීප් රථයකට, ත්‍රී රෝද රථ කිිහපයකට හා යතුරු පැදි කිහිපයකට ගිනි තබා ඇති බවයි.

මේ දක්වාම නුගේගොඩ මහරගම පාර (119 බස් මාර්ගය) ඇඹුල්දෙණිය හන්දියෙන් වසා දමා ඇති අතර එහි ඇතුළුවීමට හැකියාව ඇත්තේ පාසල් වෑන් රථවලට පමණි.

මෙම විරෝධතාව අතරතුර පුද්ගලයන් 10 දෙනකු පමණ තුවාල ලබා ඇති අතර සහකාර පොලිස් අධිකාරීවරයකු ඇතුළු පොලිස් නිලධාරීන් 05 දෙනකු ද ඒ අතර සිටින බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!