spot_img
spot_imgspot_img

දුම්රිය ගාස්තු සංශෝධනයත් රිවස් කරයි

පුවත්

විදෙස්

නගරාන්තර දුම්රිය සහ විශේෂ දුම්රිය ගාස්තු ඊයේ (24) මධ්‍යම රාත්‍රියේ සිට වැඩිකරන බව රජය තීරණය කර තිබුණ ද නැවත එම තීරණය වෙනස් කිරීමට තීරණය කළ බවත් දුම්රිය ගාස්තුවල සංශෝධනයක් සිදු නොවන බවත් ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි.

අමාත්‍යවරයා පවසන්නේ දුම්රිය සාමාන්‍යාධාකිරීවරයාට මේ බව දැනුම් දී එම ගාස්තු වැඩිවීම අත්හිටවූ බවයි. අමාත්‍යවරයා පවසන්නේ දුම්රිය ගාස්තු සංශෝධනය පිළිබඳ අමාත්‍යාංශයට අවශ්‍ය තොරතුරු ලැබීමටත් පෙර එවැනි තීරණයක් ගෙන තිබූ බැවින් ගාස්තු වැඩිවීම අත්හිටුවා අද (25) ඒ පිළිබඳ නැවත සළකා බලන බවයි.

ලබන සඳුදා හෝ අඟහරුවාදා ඒ ගැන අවසන් තීරණය දැනුම් දෙන බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

කෙසේ වෙතත් දුම්රිය සේවය වාර්ෂිකව බිලියන ගණනක් පාඩු ලබන අතර එම පාඩුව හමුවේ දුම්රිය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා බිලියන ගණනක් ණය ලබාගැනීමට ද සිදුව ඇත. ‍

මෙලෙස දුම්රිය ගාස්තු ඉහළ දැමීමෙන් හෝ දුම්රිය සේවාව වාර්ෂිකව ලබන පාඩුව අවම කරගැනීමට කටයුතු කිරීම අවශ්‍ය බව දුම්රිය සේවකයෝ පෙන්වාදෙති. නමුත් රජය පවසන්නේ දුම්රිය ගාස්තු ඉහළ දැමුවහොත් ආණ්ඩුවේ පැවැත්මට එය අහිතකර ලෙස බලපා හැකි බැවින් එවැනි තීරණයක් ගත නොහැකි බවයි.

දුම්රිය ගාස්තු වැඩි නොකිරීම හේතුවෙන් දුම්රියේ ගමන් නොකරන රටේ අනෙකුත් පොදු ජනතාවටද මේ පාඩුව ගෙවීමට සිදුව ඇතැයි දුම්රිය වෘත්තීය සමිතිවල මතයයි.

ආණ්ඩුව පවත්වාගෙන යාම සඳහා බව පවසමින් දුම්රිය ගාස්තු වැඩි නොකිරීම අදූරදර්ශී ක්‍රියාමාර්ගයක් බව ඔවුහු පෙන්වා දෙති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!