spot_img
spot_imgspot_img

ගාල්ලේ සිට හික්කඩුවට බස් ගාස්තුව 5000යි. විදේශිකයන්ට පහර දී රටේ නම කැතකරන බස් සේවකයෝ

පුවත්

විදෙස්

බස් රථවල ගමන් කරන විදේශිකයන්ගෙන් ඉතාමත් අසාධාරණ ලෙස අධික මුදලක් අයකරගැනීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන සේවය ජාත්‍යන්තර වශයෙනුත් අපකීර්තියට පත්වෙමින් පවතී.

මාතර සිට කොළඹ දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයකට ගාල්ල දුම්රිය ස්ථානය අසළින් ගොඩවූ විදේශික යුවළක් තමන් හික්කඩුවෙන් බසින බව පවසා රුපියල් 5000.00 නෝට්ටුවක් කොන්දොස්තරවරයා අත තැබීය.

කොන්දොස්තරවරයා මේ මුදල ලබාගත් අතර මොනවාදෝ කියා බස් රථයේ ඉදිරියට ගිය අතර විදේශීය යුවළ ඔහු දෙස බලාගෙන සිටියේ ඉතුරු මුදල් ආපසු දෙනු ඇතැයි සිතමිනි. බසය කන් බිහිරිකරවන සංගීත වාදනයක් ද සමඟ වේගයෙන් ඉදිරියට ඇදෙයි. බසයේ කොන්දොස්තර වරයා ලෙස මුදල් එකතු කරන තැනැත්තාට අමතරව තවත් සහායකයෝ දෙදෙනකු දොරවල් අසළ සිට පාරේ යන වාහනවලට විවිධ සංඥා කරති. ඔවුන්ගේ තවත් සඟයන් දෙදෙනකු පමණ ඉදිරි අසුන්වල වාඩිවී රියදුරාට උපදෙස් දෙති.

බසය ‍සියලු වේග සීමා සහ මාර්ග නීති උල්ලංඝනය කරමින් ඉදිරියට ඇදෙයි.

හික්කඩුව ආසන්න වනවිට විදේශීය යුවළ තමන් දුන් මුදලේ ඉතිරි මුදල් ඉල්ලා සිටියහ. නමුත් බස් කොන්දොස්තරවරයා කැඩිච්ච ඉංග්‍රීසියෙන් කියන්නේ හික්කඩුවට අදාල මුදල පමණක් ඔවුන් ලබා දුන් බවයි.

විදේශිකයන් ලබාදුන් මුදල රුපියල් 5000.00 නෝට්ටුවක් බව දුටු ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනකු ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් වන්නට උත්සාහ ගත්ත ද බසයේ සිටි චණ්ඩි ඔවුන්ටත් විවිධ දේ කියන්නට වූහ. ඔවුහු අවසානයේ නිහඬ වූහ.

විදේශීය කත දිගින් දිගමට මේ මුදල ඉල්ලා රණ්ඩුකරන්නට වූ පසු එය තවත් උත්සන්න විය. අවසානයේ බසය හික්කඩුවට ළඟා වී තිබිණි. බසයේ කොන්දොස්තර හා ඔහුගේ සහායකයන් එක්ව අර විදේශීය යුවළ බසයෙන් එළියට තල්ලුකර දැමිණි. එය සැබැවින් ම ඔවුන්ට පහර දීමක් හා සමාන විය.

මේ විනයක් නැති බස් සේවකයෝ විනාශ කරන්නේ ශ්‍රී ලංකාවේ කීර්ති නාමයයි. සංචාරක කර්මාන්ය බිඳ වැටී නැත්තටම නැතිවී ඇති ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩගැනීමට නම් ශ්‍රී ලංකාවට එන සංචාරකයන්ට අප හොඳින් සැළකිය යුතුය.

‍මේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව බලධාරීහු කියති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!