spot_img
spot_imgspot_img

විදුලි රැහැනක පැටලී දරුවන් දෙදෙනකු මරුට

පුවත්

විදෙස්

අනවසර විදුලි රැහැනක පැටලී වයස අවුරුදු 13ක පිරිමි ළමුන් දෙදෙනකු මියගොස් ඇතැයි සමන්තුරේ පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ සමන්තුරේ නෛකාඩු ප්‍රදේශයේ එකම නිවසක පදිංචිව සිටි දරුවන් දෙදෙනෙකි. මොහොමඩ් ආසික සහ මොහොමඩ් ඉබ්‍රාහිම් යන මොවුන් දෙදෙනා දර කැඩීමට ගොස් සිටිය දී මෙලෙස විදුලිසැර වැදී ඇත.

කුඹුරුයායකට සහ පොල්වත්තකට  මායිම්ව ඇති පට්ටම්පිටිය ඇළ තුළ විදුලි රැහැනක පැටලී ඔවුන් මියගොස් සිටි බව ද පොලිසිය පවසයි. පොලිසිය පවසන්නේ පොල්වත්ත වටා ඇද තිබූ විදුලි රැහැනක පැටලී ඔවුන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

සමන්තුරේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!