spot_img
spot_imgspot_img

පන්සල් දෙකක යකඩ කටවල්, පොලිසියෙන් ගලවා දමයි

පුවත්

විදෙස්

ජනතාවට පීඩාවක් සිදුවවන ආකාරයෙන් නීති විරෝධී ලෙස ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කළ විහාරස්ථාන දෙකක ශබ්ද විකාශන කටයුතු නවතා දැමීමට පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.පී.එස්.ජයමහ නියෝග කර තිබේ.

ඔහු මෙම නියෝගය සිදුකර ඇත්තේ එස්.ප්‍රියංකර නමැති අයකු විසින් කරනු ලැබූ පැමිණිල්ලක් සැළකිල්ලට ගනිමිනි.

එම පැමිණිල්ලේ දක්වා තිබූ පීඩාකාරී ශබ්ද විකාශන සිදුකළ කදුරුකෝට්ටේ වතුබැදි වහා විාහාරයේ සහ ධර්මාරාම විහාරස්ථානයේ ශබ්ද විකාශන කටයුතු නවතා දැමීමට පොලිසිය කටයුතු කර ඇත.

එමෙන් ම, ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරන්නේ නම් පොලිස්පතිවරයාගේ 2031/2007 චක්‍රලේඛය අනුව බලපත්‍රයක් ලබාගත යුතු බව ද එය බාහිර පාර්ශවයන්ට බාධාවක් නොවන පරිදි භාවිතා කරන ලෙස ද උපදෙස් ලබා දී ඇත.

2 COMMENTS

  1. පල්ලි වල පාවිච්චි කළාට කමක් නැහැ නේද . ඒවා ට පොලිසිය ලයිසන් දීල ඇත්තේ නේද . එකම රටක් නීති ?

    • දැන් මෙතන කවුරුවත් පල්ලිවල ලවුඩ්ස්පීකර්ස් පාවිච්චි කලාට කමක් නෑ කියල කියලා තියනවද? මොනවද මේ තර්ක.
      තමන්ට මොනම ආගමික ස්තානයකින් හෝ ශබ්ද කරදර ඇත්නම් පොලීසියට පැමිණිලි කරන්න. ඒකෙන් වැඩක්වෙන්නෙ නැත්නම් ඉහලට පැමිණිලි කරන්න.
      එහෙම තමයි මෙතනත් වුනේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!