spot_img
spot_imgspot_img

“ඝාතකයන්ට දඬුවම් ලබාදෙනවා” – ඉම්රාන් ඛාන්

පුවත්

විදෙස්

පකිස්තානයේ දී ශ්‍රී ලාංකිකයකු ඝාතනය කිරීමට සම්බන්ධ සියලු දෙනාට දඬුවම් ලබාදෙන බව පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ‍දුරකථනයෙන් දැනුම් දී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

අපරාධකරුවන්ට නීතියෙන් කිසිම සමාවක් නොලැබෙන බවත් ඔවුන්ට දෙවියන් වහන්සේගෙන් ද සමාවක් නැති බවත් අගමැතිවරයා පවසා ඇත. මෙම ඝාතනය දැනගත් මොහොතේ පටන් විධිමත් පරීක්ෂණ පැවැත්වීම හා සැකකරුවන් අත්අඩංගුවට ගැනීම කෙරෙහි පකිස්තාන අගමැතිවරයාගේ පුද්ගලික අවධානය යොමුව තිබිණි.

එමෙන්ම තමන් සියලු ශ්‍රී ලාංකිකයන්ට මේ සම්බන්ධයෙන් කණගාටුව ප්‍රකාශ කරන බව ද අගමැතිවරයා පවසා තිබේ.

සියල්කෝට්හි දී මෙම ඝාතනය සිදුවී පැය 24ක් යාමට පෙර ඝාතකයන් සොයා වැටලීම් 200ක් සිදුකර තිබූ අතර ඉන් 118 දෙනකු අත්අඩංගුවට ගෙන තිබිණි. පකිස්තාන පොලිසිය සඳහන් කළේ එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් 13 දෙනකු ම ප්‍රධාන සැකකරුවන් බවයි. මේ සඳහා ඔවුන් CCTV කැමරා 160ක දත්ත විශ්ලේෂණය කර තිබූ අතර ඊට අමතරව ජංගම දුරකථන සාකච්ඡා ද විශ්ලේෂණයට ලක්කර තිබිණි.

පකිස්තාන පොලිසිය පවසන්නේ ජංගම දුරකථනවල පටිගත කරන ලද දර්ශන ද මෙම පරීක්ෂණ සඳහා යොදාගන්නා බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!