spot_img
spot_imgspot_img

24 පැයේ ලෝකය

පුවත්

විදෙස්

කොරෝනා සහ චීන ආර්ථික වර්ධනය

ලෝකයේ බොහෝ දෙනා තවමත් කොරෝනා වසංගතය සමඟ පොරබදිමින් සිටින අතර චීනය විශ්වාස කරන්නේ වයිරසය තදින් පාලනය කළ විට ආර්ථිකය වේගයෙන් ප්‍රකෘත්ති තත්ත්වයට පත්කළ හැකි බවයි. ඉදිරි මාසවල දී චීන ආර්ථිකය නැවත වර්ධනය විය හැකියි.
පසුගිය වසරට සාපේක්ෂව ගත වූ ජූලි-සැප්තැම්බර් කාලයේ දී චීනයේ ආර්ථිකය සියයට 4.9 කින් වර්ධනය වී ඇතැයි ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය සඳුදා නිවේදනය කරන ලදී, මෙය ලෝකයේ විශාලතම ආර්ථික වර්ධනය. එම තත්ත්වය කොරෝනා වසංගතය ඇතිවීමට පෙර තිබූ තත්ත්වයට යළි චීන ආර්ථිකය ගෙන ඒමට සමත්වනු ඇතැයි අපෙක්ෂා කරන්නක්.
සන්දර්භය
වසංගත කාලයේ දී චීන සමාගම් ලෝක අපනයන ක්ෂේත්‍රය සඳහා පාරිභෝගික භාණ්ඩ රැසක් නිෂ්පාදනය කරමින් තිබේ. ඒ් අතර ඉලෙක්ට්‍රොනික උපකරණ, පුද්ගලික ආරක්ෂණ උපකරණ සහ අනෙකුත් උපකරණ සඳහා වසංගත කාලයේ දී දැඩි ඉල්ලුමක් ඇති වී තිබේ. එමෙන්ම ඉදිකිරීම් කර්මාන්ත සඳහා මුදල් යෙදවීම සිදුවෙයි. අවසානයේ දී මේ සියල්ල යථා තත්ත්වයට පත්වනු ඇති.

යුරෝපය ආරක්ෂාකිරීමට දැඩි උත්සාහයක්

කොරෝනා වසංගතයේ දෙවැනි රැල්ල පාලනය කිරීමේ උත්සාහයක් ලෙස යුරෝපා රටවල් සඳුදා (19) නව සීමාවන් ප්‍රකාශයට පත්කර තිබේ. මේ වනවිට ලෝකය පුරා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව කෝටි හතරක් ඉක්මවා ඇත.
ආර්ථික වශයෙන් ඉතා හානිදායක වූ අඟුළු දැමීමක් වළක්වාගැනීමට සියලු රටවලට අවශ්‍යව තිබේ. එබැවින් නව සීමාවන් වඩාත් නිවැරදි ලෙස පැනවීම සිදුකරයි. ජනතාව වැඩිපුර රැස්වන වීදි සහ එළිමහන් ප්‍රදේශ වසා දමන ලෙස ඉතාලි අග්‍රාමාත්‍යවරයා නගරාධිපතිවුරුන්ට අවසර ලබ දී තිබේ.
ප්‍රංශය පුරා නගර නවයක ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන අතර ස්ලෝවේකියාව දින 30ක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරන ලදී. සිකුරාදා සිට නොවැම්බර් 09 වැනි දා දක්වා වේල්සය අඟුළු දැමීමකට සූදානම්ව සිටියි.
යුරෝපයේ වයිරසය පාලනය කිරීම ඇමෙරිකා එක්සත් ජනපදය හා සන්සන්දනය කිරීමෙන් පසු යුරෝපයේ ඇතිවී තිබෙන කනස්සළ ස්වභාවයේ නවතම සංඥා ලෙස ඒ සියල්ල හැඳින්විය හැකියි.
ශීත සෘතුවේ ආරම්භයත් සමඟ වයිරසය නැවත පැතිරයාම වර්ධනය වනු ඇතැයි විද්‍යාඥයන් ඉතා දීර්ඝ කාලයක සිට අනතුරු අඟවා තිබිණි.
යුරෝපයේ කෞතුකාගාර නැවත විවෘත කර තිබේ. නමුත් අමුත්තන් නැවත පැමිණ නැත. ආයතන වාර්තා කරන්නේ පසුගිය වසරේ පැමිණි අමුත්තන්ගෙන් තුනෙන් එකක් පමණක් පැමිණ ඇති බවයි. කෙසේ වෙතත් ටිකට් පත් සඳහා වූ පාඩුව පියවා ගැනීමටත් රජයෙන් ලබාදෙන මුදල් ප්‍රමාණවත් නැත.

වෙනත් වැදගත් තොරතුරු
පෝලන්තයේ නියෝජ්‍ය අගමැති හා නිත්‍ය නායක ජරස්ලෝ කැක්සින්ස්කි කොරෝනා ආසාදිත අයකු හා සම්බන්ධ වී ඇතිබව තහවුරුවීමත් සමඟ නිරෝධායන කටයුතු සඳහා යොමුව සිටියි.
ඔ්ස්ට්‍රේලියාවේ මෙල්බන්හි සංචරණ සීමා ලිහිල් කර තිබේ. එබැවින් නිවැසියන්ට කිලෝමීටර 25ක් දක්වා දුරක් ගමන්කිරීමට අවසර හිමිව ඇත. එළිමහනේ සිදුවන සමාජගතවීම් සඳහා එක් නිවසකින් උපරිම දෙදෙනකු වශයෙන් 10 දෙනකුට පමණක් එක්වීමේ අවසරය තිබේ.
බටහිර ඔ්ස්ට්‍රේලියාවේ වරායකට පැමිණි නෞඛාවක සිටි කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් 25 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු කරගෙන තිබේ.
දකුණු අප්‍රිකාවේ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය ස්වෙලිනි මඛයිස් විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ තමන් සහ තම බිරිඳ වෛද්‍ය මැයි මඛයිස් දෙදෙනාටම කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවයි. දෙදෙනා ම සම්පූර්ණ සුවය ලබනු ඇතැයි ද ඔහු කියා සිටියේය.

සයිබර් ප්‍රහාර පිළිබඳ ඇමෙරිකාවෙන් රුසියාවට චෝදනා
පියොංචැංහි පැවැති ශීත ඔලිම්පික් උළෙල, පංශයේ මැතිවරණය සහ යුක්‍රේනය අස්ථාවර කිරීම අරමුණු කරගත් 2017 ප්‍රහාරය අතුළු ලොව පුරා ප්‍රධාන සයිබර් ප්‍රහාර සම්බන්ධයෙන් රුසියානු හමුදා බුද්ධි අංශ නිලධාරීන් හය දෙනෙකුට ඒරෙහිව ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව අධි චෝදනා ගොනු කරන ලදී.
හිලරි ක්ලින්ටන් අපහසුතාවට පත්කිරීම අරමුණු කරගත් ඊමේල් සොරකම් කිරීමේ සිද්ධියට හා 2016 ඇමෙරිකානු මැතිවරණයට බලපෑම් කිරීම ආදී සිදුවීම් රැසකට ෆැන්සි බෙයාර් නමින් හැඳින්වෙන මෙම ඒ්කකය වගකිව යුතු බව නීතිඥවරු පැවසූහ.

ලෙබනනයේ හෂීස් නිෂ්පාදනය ඉහළ යයි
ලෙබනනයේ බෙකා නිම්නයේ පිහිටි යමූනෙ නම් ගම්මානයේ සෑම ස්ථානයක ම කංසා වැවෙන අතර ගොවීන් දිගු කලක් තිස්සේ ඉන් විශාල ආදායමක් ලබා ඇත. එහෙත් දශක දෙකකට පමණ පසු යළිත් ඔවුන් හෂීෂ් පිළිබඳ නැවත සළකා බලමින් සිටියි.
ගෝලීය වසංගත තත්ත්වය, ආර්ථික අර්බුදය, සිරියාවේ යුද්ධය මෙන්ම, ජාවාරම් කරුවන්ගේ මාර්ග විවෘතවීම මෙම ව්‍යාපාරයේ ලාභය ඔවුන්ට අහිමිකර තිබේ.
කෙසේ වෙතත් මෙම ප්‍රදේශයේ හා වෙනත් ප්‍රදේශයන්හි කරන ලද නිෂ්පාදන හේතුවෙන් මොරොක්කෝව සහ ඇෆ්ගනිස්ථානයට පසුව ලොව තුන්වන විශාලතම හෂිස් සැපයුම්කරු බවට ලෙබනනය පත්කර තිබේ.


චීනය හා ඇමෙරිකාව අතර සම්බන්ධතා දෙදරයි ද ? – අත්අඩංගුවට පත්ව සිටින චීන ජාතික විද්වතුන්ට ඇමෙරිකා එක්සත් ජනපදය නඩු පවරන්නේ නම් ඇමෙරිකා පුරවැසියන් රඳවා ගන්නා බවට චීනය තර්ජනය කර තිබේ. මෑත කාලයේ දී එක්සත් ජනපදයේ වීසා අයදුම්පත්‍රවල තම චීන හමුදා සම්බන්ධතා අනාවරණය නොකළ සහ ඇමෙරිකා පර්යේෂණ මධ්‍යස්ථානවල හා කාර්මික ස්ථානයන්හි ඔත්තු බැලුවේ යැයි සැකකළ විද්වතුන් පස් දෙනකු අත්අඩංගුවට ගෙන තිබිණි.

TicTok – පකිස්තාන බලධාරීන් විසින් TicTok සමාජ මාධ්‍ය යෙදුමට පනවා තිබූ තහනම අවලංගු කරන ලදී. පසුගිය ඔක්තෝබර් 09 වැනි දින සිට මෙම තහනම පවරා තිබිණි. පකිස්තානයේ ඇති දේශීය නීතිවලට අනුව තම අන්තර්ගතය සකසන බවට TicTok පොරොන්දු වීමෙන් පසු එලෙස තහනම ඉවත්කර ඇත.

ඉන්දු චීන දේශසීමා – හිමාල කඳුකරයේ මතභේදයට තුඩු දී ඇති මෙතෙක් සළකුණු කර නැති ඉන්දු චීන දේශසීමාව හරහා ගමන් කළ චීන යුද හමුදා කෝප්‍රල්වරයකු අත්අඩංගුවට ගත්බව ඉන්දීය හමුදාව පවසයි. නමුත් ඉන්දියාව පවසන්නේ ඔහු ඉක්මණින් මුදාහරින බවයි. ඉන්දියාවත් චීනයත් අතර පසුගිය ජුනි මාසයේ දී විරසකය ඇතිවීමෙන් පසු හමුදා සාමාජිකයකු අල්ලාගත් පළමු අවස්ථාව මෙයයි.

රාජ්‍ය තාන්ත්‍රික ගැටුමක් – ෆීජි අගනුවර වන සූවාහි තායිවාන විසින් පවත්වන ලද පිළිගැනීමේ උථ්සවයක් චීනය සහ තායිවානය නියෝජනය කරන නිලධාරීන් අතර විශාල මතබේදයකට හේතුවී තිබේ. තායිවානයේ විදේශ අමාත්‍යාංශයට අනුව චීන තානාපතිවරුන් දෙදෙනකුට පිළිගැනීමේ උත්සවයේ දී ආරාධනා කර නොතිබූ අතර නමුත් අමුත්තන්ගේ ඡායාරූප ගැනීමට උත්සාහ දරා තිබිණි.

වියට්නාමයේ නාය යාම – වියට්නාමයේ මධ්‍යම පළාතේ ක්වාං ට්‍රයි හි ඇති වූ නායයාමකින් අවම වශයෙන් හමුදා භටයන් 20 දෙනකු මියගොස් දෙදෙනකු අතුරුදන්ව ඇත. සෝදසි මෙහෙයුම් හා මුදා ගැනීමේ කටයුතු ක්‍රයාත්මක වෙයි. වියට්නාමයේ සාමය පවතින කාලයේ දී හමුදාවේ වැඩිම පිරිසක් මියගිය සිදුවීම ලෙස සළකන්නේ මෙම නායයාමයි.

නස්කා බළලෙක් මතුවෙයි – පේරු රාජ්‍යයේ සුප්‍රසිද්ධ නස්කා රේඛා සහිත භූමියේ බළලකුගේ රූපයක් සොයාගැනීමට පුරාවිද්‍යාඥයෝ පිරිසක් සමත්වූහ. ඔවුන් පවසන්නේ මීටර 37ක් දිගැති මෙම බළල් රූපයේ රේඛාවක පළල සෙන්ටිමීටර 30-40ක් පමණ වන බවයි. එය වසර 2000ක් පමණ පැරණි බව පුරාවිද්‍යාඥයන්ගේ මතය වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!