spot_img
spot_imgspot_img

කොළඹ කොටස් වෙළෙඳ පොළ සමාගම්වල වටිනාකම වේගයෙන් පහළ බසී

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (13) දිනයේ ගනුදෙනු 38,675ක් වාර්තා කරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 6,763ක් බවට සහන්විය. දිනය තුළ පමණක් සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 328කින් පහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ එය ඒකක 8,536ක් බවට පත්විය.

දිනයේ විශේෂත්වය වන්නේ කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ පරිගණක පද්ධතියේ සිදු වූ දෝෂයක් හේතුවෙන් පැයකට ආසන්න කාලසීමාවක් අත්හිටුවා තිබීමයි.

වැඩිම පිරිවැටුමක් සහිතව අද කොටස් ගනුදෙනු වූ සමාගම් අතර එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 3,029යි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 828යි, හේමාස් සමාගම රුපියල් මිලියන 772යි ලෙස ප්‍රධාන විය.

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම් අතර බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 94ක් ද, ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල්ඩ් සමාගම කොටස් මිලියන 28ක් ද, එක්ස්පෝ ලංකා සමාගම කොටස් මිලියන 20ක් ද වශයෙන් කැපී පෙණිනි.

කොළඹ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම ලෙස අද දිනයේ දී ද රුපියල් බිලියන 283ක වත්කමක් වාර්තා කළ එක්ස්පෝ ලංකා සමාගම පළමු ස්ථානයේ ද රුපියල් බිලියන 236ක් වාර්තා කළ එල්ඕඑල්සී සමාගම දෙවැනි ස්ථානයට ද පත්විය.

ඒ අනුව පෙර දිනයට සාපේක්ෂව එක්ස්පෝ ලංකා සමාගමේ වටිනාකම එක් ගනුදෙනු දිනයක් තුළ දී රුපියල් බිලියන 49කින් පහත වැටී ඇත.

අද දිනයේ සංවෘත කවය තුළ කොටස් හුවමාරු වූ සමාගම් අතර හේලීස් සමාගම කොටස් 800,000ක් රුපියල් 105.00 බැගින් ද, හේමාස් සමාගම කොටස් මිලියන 10ක් රුපියල් 72.00 බැගින් ද ප්‍රධාන විය.

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම් අතර  ඔන්ලේ හෝල්ඩින්ස් සමාගම 9%කින් ද, මහවැලි රීච් හෝටලය 8%කින් ද , ඩයලෝග් ෆිනෑන්ස් සමාගම 7%කින් ද කොටස් මිල ඉහළ ගොස් ඇත.

විදේශීය ආ‍යෝජකයන් අද (13) රුපියල් මිලියන 38ක කොටස් මිල දී ගෙන ඇති අතර රුපියල් මිලියන 735ක කොටස් විකුණා තිබේ. ඒ අනුව අද දිනය තුළ පමණක් රුපියල් මිලියන 696ක මුදලක් විදේශීය ‍ආයෝජකයන් විනින් කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් ඉවත්කරගෙන ඇත.

මෙම වර්ෂය තුළ දී පමණක් අද දක්වා කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් විදේශීය ආයෝජකයන් විසින් රුපියල් බිලියන 42.572ක මුදලක් ඉවත්කරගෙන තිබේ.

විදේශීය ආ‍යෝජකයන් අද දිනයේ කොටස් මිල දී ගත් සමාගම් අතර රෝයල් සෙරමික් සමාගම රුපියල් මිලියන 7යි, හේලීස් සමාගම රුපියල් මිලියන 4යි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 04යි ලෙස ද කැපී පෙණිනි.

විදේශීය ආ‍යෝජකයන් කොටස් විකුණූ සමාගම් අතර හේමාස් සමාගම රුපියල් මිලියන 719යි, එල්බී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 02යි, බීපීපීඑල් සමාගම රුපියල් මිලියන 01ක් ලෙස ද ප්‍රධාන විය.

මෙම වසරේ ජනවාරි මස 01 වැනි දා සිට අගෝස්තු මාසයේ අවසානය දක්වා ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 986ක් ලෙස වාර්තා වී ඇති අතර එය පෙර වසරේ සමාන කාලසීමාවට සාපේක්ෂව 22.4% ඉහළ යාමකි.

කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනු දෙනු සිදුවූ අවසක් දින තුනේ දී කොටස් මිල පහළ යාම හේතුවෙන් වෙළෙඳ පොළෙහි සමාගම්වල වටිනාකම රුපියල් බිලියන 300කට වැඩි ප්‍රමාණයකින් පහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකාවේ අපනයන ආදායම සහ භාණ්ඩ හා සේවා අපනයනය කරන සමාගම් අතර අධික ලාභයක් පැවතීම හේතුවෙන් අපනයන සමාගම්වල කොටස් මිල ඉහළ යනු ඇතැයි තැරැව්කාර සමාගම් විසින් දිගින් දිගමට විශ්වාසය පළකර සිටිය ද බදු සමාගම් පනත සම්මත වීමෙන් පසුව අනපේක්ෂිත ලෙස කොළඹ කොටස් වෙළෙඳ පොළ අගයන් පහත බැසීම ආයෝජකයන්ගේ විමතියට හේතු වී තිබේ.

මේ සඳහා කොටස් මිල දී ගැනීමට ණය පහසුකම් ලබා දෙන සමාගම් (Margin Provider) විසින් හදිසියේ කොටස් විකිණීමත්, මිල දී ගත හැකි සමාගම්වල මුදල් ප්‍රතිශතයන් වෙනස්කිරීමත් මෙලෙස පහත බැසීමට සාධක වෙයි.

දැනට පවතින වාතාවරණයන් යටතේ බදු සමා පනත හේතුවෙන් කොළඹ කොටස් වෙළෙඳ පොළට ආයෝජනය විය හැකි මුදල් මගින් කොටස් මිල කෘතිමව ගෙන එම කොටස් මිලදී ගෙන කෙටි කාල සීමාවක් තුළ ක්ෂණික අධික ලාභයක් ලැබීමේ අපේක්ෂාවෙන් කොටස් වෙළඳ පොළ පහළ බසින්නේ ද යන්න ගැන ආයෝජකයෝ සැක පළ කරති.

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!