spot_img
spot_imgspot_img

චීනයේ ඉහළම විද්‍යා සම්මානයක් මහාචාර්ය මලික් පීරිස්ට

පුවත්

විදෙස්

2021 වර්ෂයේ “අනාගත විද්‍යා ත්‍යාගය” චීනය විසින් මහාචාර්ය මලික් පීරිස් හට පිරිනමා තිබේ. එය චීන නොබෙල් ත්‍යාගය ලෙස හඳුන්වන අතර 2003 වර්ෂයේ දී ‘සාර්ස්’ සහ ‘මර්ස්’ වයිරස හඳුනාගැනීම හේතවෙන් මෙම සම්මානය පිරිනමා තිබේ.

මේ බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය තම ට්විටර් ගිනුමේ සටහනක් තබමින් දැනුම් දී ඇත. මහාචාර්ය පීරිස්ට අමතරව චීන ජාතික මහාචාර්යවරයකු වූ යූන් ක්වොක් යුන්ග් හට ද මෙම වසර සඳහා වූ “අනාගත විද්‍යා ත්‍යාගය” පිරිනමා තිබේ.

මෙම සම්මානයත් සමඟ මහාචාර්ය මලික් පීරිස්ට ඇමෙරිකානු ඩොලර් මිලියන ත්‍යාග මුදලක් ද හිමිවෙයි.

මලික් පීරිස් හොංකොං විශ්වවිද්‍යාලයේ වයිරසවේදය පිළිබඳ මහාචාර්යවරයෙකු වන අතර යූන් ක්වොක් යුන්ග් මහතා එම විශ්වවිද්‍යාලයේ ම මහාචාර්ය වරයකු ලෙස කටයුතු කරයි. ඔහු ක්ෂුද්‍ර ජීවි විද්‍යා අංශයේ මහාචාර්යවරයෙකි.

චීන තානාපති කාර්යාලය සිය සහටනේ දක්වා ඇත්තේ 2016 වර්ෂයේ සිට චීනය කීර්තිමත් විද්‍යාඥයන් සඳහා මෙම සම්මානය පිරිනමන්නේ නවෝත්පාදන ප්‍රවර්ධනය සහ විද්‍යාත්මක සොයාගැනීම් වෙනුවෙන් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!