spot_img
spot_imgspot_img

පරාක්‍රම සමුද්‍රය රැකගන්න මහා සංඝයා පෙරට එති

පුවත්

විදෙස්

පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රයේ රළපනාවේ ගල් ඉවත්කර ඒ මතින් ඇවිදින මංතීරුවක් සෑදීමේ ව්‍යාපෘතියට එරෙහිව මහා සංඝරත්නය අද (27) එහි වැඩමකර එම ව්‍යාපෘතිය නවතා දමන ලෙස බලධාරීන්ට බලකර සිටියහ.

පරාක්‍රම සමුද්‍රය මෙරට රජවරුන්ගේ පාලනය පැවැති කාලයේ ඉදිවූ විශාලතම ජලාශය ලෙස සැළකෙන අතර එය පුරාවිද්‍යා ස්මාරකයක් ද වෙයි.

මෙහි සොරොව්වේ සිට දිසාපති නිල නිවස පිහිටි ස්ථානය දක්වා කිලෝ මීටර 1.7ක් දිගැති ඇවිදින මංතීරුවක් ඉදිකිරීමට නාගරික සංවර්ධන අධිකාරිය විසින් මුදල් වෙන්කර තිබූ අතර මේ වනවිට එහි ඉදිකිරීම් ආරම්භ කර තිබේ.

එම ව්‍යාපෘතිය ක්‍රියාත්ක කළේ නාගරික සංවර්ධන අධිකාරියේ ඉල්ලීමට බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේ වෙතත් අද මහා සංඝරත්නයෙන් එම ව්‍යාපෘතියට එල්ල වූ දැඩි විරෝධය හේතුවෙන්, පරාක්‍රම සමුද්‍රයේ රළපනාවේ ගල් ඉවත්කිරීමට ගෙනවිත් තිබූ බැකෝ යන්ත්‍ර ද ඉවත්කරගැනීමට සිදුවිය.

2 COMMENTS

  1. වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙ පුටු රත්කරන්නෙ ගොන්නුද, මොලේ කළඳක් තියෙන මිනිස්සුද? නාගරික සංවර්ධණ අධිකාරිය කිව්ව පළියට මෙහෙම දෙයක් කරන්නෙ කොන්ද පන නැති අමණයො වෙන්න ඕනෙ. දේශපාලන පත්වීම් දීලා, ඉස්සෙල්ලම කරන්න තිබුනෙ ඒ හැම එකාටම “මහාවංශය” කොපිය ගානෙ දීලා, විභාගයකින් දැනුම පරීක්ෂා කරල, fail වෙන උන් ස්ථිර නොකරන්න. සමහර ඇමතිලත් 8 පාස් නැති මේ කාලෙ, අනේ කාලේ, වනේ වාසේ කිව්වළු.

  2. I thank the reverend Maha sangha for coming forward to raise their voice in good time, to stop this foolish act. As always, in our country it was the Reverend Maha Sangha who defended our national interests; not those who make idiotic decisions, perhaps, for some personal gains.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!