spot_img
spot_imgspot_img

“එන්නත්වල සාර්ථකත්වය ?” – මහාචාර්ය නීලිකා මලවිගේ කළ විග්‍රහය

පුවත්

විදෙස්

ලෝකය පුරා කොරෝනා මර්ධනය සඳහා නිපදවා ඇති එන්නත් පැහැදිලිව ම කොරෝනා ආසාදනය වීම අඩුකිරීමට හා මරණ සිදුවීම අවම කිරීමට සමත්ව ඇතැයි මහාචාර්ය නීලිකා මලවිගේ පවසයි.

ඇතැම් අවස්ථාවල දී එන්නත්වල සාර්ථක බව පිළිබඳ කනස්සල්ල ඇතිකරන විවේචනාත්මක ප්‍රශ්න මතුවී ඇතත් එහිි සාර්ථකත්වය පිළිබඳ සතුටුවිය හැකි බව ඇය පවන්නීය.

ඒ සම්බන්ධයෙන් twitter පණිවිඩයක් නිකුත් කරන මහාචාර්ය නීලිකා මලවිගේ විසින් ජාත්‍යන්තර පර්යේෂණ පත්‍රිකාවක් ද උපුටා දක්වා ඇත. එම අධ්‍යයනය කර ඇත්තේ බහරේනයේය.

( එම පර්යේෂණ පත්‍රිකාව මෙතැනින් )

කොරෝනා ආසදනය වැළැක්වීම සඳහා විවිධ එන්නත්වල සාර්ථකතාව, රෝග ලක්ෂණ ඇතිවීම, රෝහල් ගතකිරීමේ අවශ්‍යතාව, දැඩි සත්කාර ලබාදීමට සිදුවිම සහ මරණයට පත්වීම යන කරුණු කෙරෙහි ද, එන්නත් ලබාදීමෙන් සු ආසාදිත තත්වයන්ට පත්වීම පිළිබඳ ලොව පුරා වාර්තා වී තිබේ. එමෙන්ම අලුතෙන් ඇතිිවන ප්‍රභේද සඳහා මේ එන්නත් ක්‍රියාකරන ආකාරය පිළිබඳ සංසන්දනාත්මක කාර්යක්ෂමතාව පරික්ෂා කර ඇත්තේ අඩු වශයෙනි.

එසේ වවු ද මෙම පර්යේෂණයෙන් අනාවරණය වි ඇත්තේ ඔවුන්ගේ අවධානයට ලක්වූ ඇස්ට්‍රාසෙනිකා, ෆයිසර්, ස්පුට්නික් හා සයිනොෆාම් යන එන්නත් සියල්ලෙන්ම පුද්ගලයන් ආසාදිතවීම, අසාධ්‍යවීම හා මරණයට පත්වීම ඉතාමත් අඩු ප්‍රතිශතයක් දක්වා ගෙන එන බවයි. ඒ අනුව සැළකිය යුතු ප්‍රමාණයකින් එන්නත් සාර්ථක වී ඇත.

එන්නත් බාවිතයට ගත් 2021 මැයි මස සිට වර්තමානය දක්වා විවිධ නියැදිවලින් ලබාගත් දත්ත මෙම පර්යේෂණයට දායක කරගෙන තිබේ.

මෙහි දී අනාවරණය වී ඇත්තේ එන්නත් සාර්ථක වුව ද ෆයිසර්, ඇස්ට්‍රාසෙනිකා වැනි එන්නත් සයිනොෆාම් එන්නත හා සන්සදනය කිරීමේ දී එම එන්නත් දෙකට වඩා සයිනොෆාම් එන්නතේ පළදායීතාව අඩු බව ද අනාවරණය වී ඇත. වයස අවුරුදු 50ට වඩා වැඩි අය කෙරෙහි වැඩි අවදානමක් තිබෙන බවයි. එමෙන්ම ඩෙල්ටා ප්‍රභේදය පැමිණීමත් සමඟම සියලුම එන්නත්වල වටිනාකම වඩාත් ඉස්මතුවි ඇති බව ද එම පර්යේෂකයෝ පෙන්වා දෙති.

මෙම එන්නත් සංසන්දනය කිරිමේ දී සයිනෝර්ෆාම් එන්නත ගත් වයස අවුරුදු 50ට වැඩි පුද්ගලයන්ට සාපේක්ෂව එන්නත් නොකළ වයස අවුරුදු 50ට වැඩි පුද්ගලයන්ගේ මරණ සිදුවීම 8.1% ගුණයකින් ඉහළ බව පෙනෙන්නට තිබේ. නමුත් වැදගත්ම කරුණ වන්නේ ෆයිසර් සහ කොවෂීල්ඩ් එනනත් ගත් අයගේ  මරණ වාර්තා නොවන බැවින් ඒ පිළිබඳ වෙනත් සන්සන්දනක් කිරිමට අපහසුය.  

එමෙන්ම සයිනොෆාර්ම් එන්නත ලබාගත් වයස අවුරුදු 50ට අඩු පුද්ගලයන් සහ එන්නත් ලබා නොගත් පුද්ගලයන් සැසඳූ විට එන්නත් ගත් අයට වඩා එන්නත් නොගත් පුද්ගලයන්ගේ මියයාම 3.8 ගුණයකින් ඉහළ ගොස් තිබේ.

බහරේනයේ කරන ලද එම අධ්‍යයන දත්ත අනුව පැහැදිලිවම සියලුම වර්ගයේ එන්නත් කොරෝනා මරණ සංඛ්‍යාවා අඩු කිරීමටත් ආසාදිත වන සංඛ්‍යාව අඩුකිරීමටත් සමත්ව ඇත. නමුත් සයිනොෆාර්ම් එන්නත ෆයිසර් එන්නතට වඩා අඩු කාර්යක්ෂමතාවක් පෙන්වන බව ද වාර්තාා වෙයි.

ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ අධ්‍යයනයකට අනුව, මේ වනවිට ලෝකය පුරා වේගයෙන් පැතිරෙමින් පවතින කොවිඩ් -19 ඩෙල්ටා ප්‍රභේදයෙන් ආරක්ෂා වීම සහතික කිරීම සඳහා එන්නත් මාත්‍රා දෙකක් ලබා ගැනීම ඉතාමත් ඵලදායි ක්‍රමය බව ද තහවුරු වී තිබේ.

මේ අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිජීවක විද්‍යා හා අනුක විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ ප්‍රමුඛ කණ්ඩායමක් විසින් ශ්‍රී ලංකාවේ සිදුවූ කො‍රෝනා මරණ පිළිබඳ කරන ලද සොයා බැලීමක දී අනාවරණය වි ඇත්තේ මෙතෙක් සිදුව ඇති මරණ අතර එන්නත්කරණය සම්පූර්ණ කළ මරණ ද වාර්තාවන බවයි.

මෙරට සිදුවූ මරණ අතරින් 0.46% ප්‍රමාණයක් සයිනොෆාර්ම් එන්නත් මාත්‍රා දෙකම ලබාගැනීමෙන් පසු සිදුවූ මරණ බවත්, 0.15% ෆයිසර් එන්නතෙහි මාත්‍රා දෙකම ලබාගැනීමෙන් සිදුවූ මරණ බවත් වාර්තා වි ඇත. එමෙන්ම ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා දෙකම ලබාගැනීමෙන් පසුවද 0.03% මරණ ප්‍රමාණයක් දැනට වාර්තා වී තිබේ.

එසේ එන්නත් ලබාගැනීමනේ පසුව ද ඉතාමත් සුළු පිරිසක් මියගිය ද එන්නත්කරණය අතිශය බහුතරයක් දෙනා මරණයෙන් වළක්වාලීමට සමත්වන බැවින් හැකි ඉක්මණින් තමන්ට නියමිත එන්නත නිවැරදිව ලබාගැනීම කෙරෙහි සියලු ජනතාව උනන්දුවිය යුතු බව ද මහාචාර්ය නීලිකා මලවිගේ පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!