spot_img
spot_imgspot_img

වරාය නගර පනත සංශෝධනය කර සම්මත කිරීමට හැකි බව රජය කියයි

පුවත්

විදෙස්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වගන්ති ඇතුළත් බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණය කර ඇති කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති තීන්දුව සහ සංශෝධන සම්බන්ධයෙන් රජය එකඟවන බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

එම සංශෝධන සහිතව අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සරළ බහුතරයකින් සම්මත කර ගැනීමට හැකියා ලැබෙනු ඇතැයි ද අමාත්‍යවරයා කීවේය.

මෙම කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායකවරයා විසින් අද (18) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. 

එම පනත් කෙටුම්පතේ පරිච්ඡේද 8ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බැවින් ඒවා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කර තිබිණි.

කථානායකවරයාට ලැබී තිබූ අදාළ තීන්දුවේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, පනත් කෙටුම්පත කියවා බැලූ විට “එහි නියාමන ව්‍යුහය අපැහැදිලි බවත් එම කොමිෂන් සභාවට අත්තනෝමතික බලයක් ලැබෙන බවත්” ය.  එබැවින් ව්‍යවස්ථාවේ 12 (01) වගන්තිය හා අනනුකූල බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!