spot_img
spot_imgspot_img

ආසාදිතයන් මිලියනයක් වාර්තාවීමේ අවදානමක් ගැන සෞඛ්‍ය අංශ පවසයි

පුවත්

විදෙස්

දින 100ක කාලයේ දී කොරෝනා ආසාදිතයන් ලක්ෂ 10ක් (මිලියනයක්) වාර්තාවීමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.

ඔහු පවසන්නේ සාමාන්‍ය පුරෝකථනය අනුව දින 5ක් හෝ 6ක් ඇතුළත මේ රෝගය තවත් කෙනෙකුට බෝ කරනවා නම් සෑම දින 5කට වතාවක් මේ රෝගීන් සංඛ්‍යාව දෙගුණ වන බවයි. එසේ වුවහොත් අනිවාර්යයෙන් ම දින 100ක කාලයේ දී රෝගීන් සංඛ්‍යාව 20 වතාවක් දෙගුණ වී මිලියනය ඉක්මවා රෝගීන් වාර්තාවිය හැකි බව වෛද්‍ය හේරත් පවසයි.

මේ හේතුවෙන් හැකිතාක් නිවෙස්වලට ම වී සිටින ලෙසත්, සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් උපරිම අයුරින් ආරක්ෂා කරන ලෙසත් සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටියි.

2 COMMENTS

  1. දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ ගාල්ල ප්‍රධාන කාර්යාලයේ අද වෙනකොට හතර දෙනෙක් කොරෝනා positive වෙලා. සියලු දෙනාම සුළු සේවකයින් රියදුරන් සහ කාර්යාල කාර්ය සහයකවරුන් සහ මුරකරුවන්.

    තවත් සුළු සේවකයින් කීප දෙනෙක් ඉන්නවා සැක සහිත කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කරන සමහරෙක් PCR පරීක්ෂණ වලට යොමුවෙලා ප්‍රතිඵල ලැබෙනකම් බලාගෙන ඉන්නවා.

    දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින් සාමාන්‍යධිකාරී පුෂ්පා ගෙන් ඉල්ලා සිටියා රාජකාරි කරන අවස්ථාවේදී තමන්ට කොරෝනා වලින් ආරක්ෂා වීමට අවශ්‍ය මුඛ ආවරණ සහ මුහුණු ආවරණ ලබා දෙන්න කියල. නමුත් පුෂ්පා ඒ කිසිවක් ලබා දුන්නේ නෑ.

    දුප්පත් සුළු සේවකයින් භාවිතා කරන්නේ ගෙදරදී රෙදි වලින් හදාගත්තු මුඛ ආවරණ. හැමදාම නියමිත ප්‍රමිතිය ඇති මුඛ ආවරණ මිලදී ගන්න ඔවුන්ට වත්කමක් නෑ. එලෙස සකස් කරගන්නා මුඛ ආවරණ වලින් ඔවුන්ට සහ අනෙක් අයට ආරක්ෂාවක් ඇත්තේ නෑ.

    පුෂ්පාගෙ අනාරක්ෂිත පාලනය යටතේ තම ජීවිතය ආරක්ෂා කර ගැනීම සඳහා සේවකයින් ස්වේච්ඡාවෙන් ම වැඩට ආවේ නෑ . පුෂ්පා වැඩට ආවෙත් නෑ.

    එහෙම තියෙද්දි ගණකාධිකාරිවරයා සහ වැඩබලන නියෝජ්‍ය සමාන්‍යාධිකාරි තනතුරක කටයුතු කරන ගුණවර්ධන නැමැත්තා තෝරාගත් සේවිකාවන්ට වැඩට එන්න කියනවා.

    මොවුන් දෙදෙනා හොර පාරෙන් කොරෝනා එන්නත් ලබාගෙන ඇති බව ද දැනගන්නට ලැබී ඇත. ඒ නිසා තමයි මොවුන් දෙදෙනා අනිත් අයගේ ජීවිත අනතුරේ දමමින් මෙලෙස කටයුතු කරන්නේ.

    ප්‍රධාන කාර්යාලයේ සිටින පුෂ්පා ඇතුළු මෙම මෝඩ, ආත්මාර්ථකාමි, දූෂිත ප්‍රධානීන් නිසා එහි සේවකයින් ජීවිත අවදානම්කින් පසුවෙනවා.

    මොවුන් හොර පාරෙන් එන්නත් ලබාගෙන වෙනත් අය සේවයට කැඳවමින් මෙවැනි විදියට අනතුරේ දැමීම මේ ආත්මයේ දඬුවම් ලැබෙන පවක් බව පෙන්වා දිය හැකිය.

    රාජ්කාරි කාලය තුළ කොරෝනාව වලින් ආරක්ෂා වීමට අවශ්‍ය සියලුම දේ ආයතනය වියදමින් සේවකයින්ද වහාම ලබා දී සහ සෞඛ්‍ය උපදෙස් මත අවශ්‍ය පරිපාලන තීරණ වහා රැගෙන සේවකයින් ආරක්ෂා කරන ලෙසට පුෂ්පා ගෙන් තදින්ම ඉල්ලා සිටිනවා.

  2. අද දින දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියෙහි ප්‍රධාන කාර්යාලයේ කොරෝනා positive වෙලා තියෙන්නෙ එහි සේවය කළ කාර්යාල කාර්ය සහයකවරයෙක්. ඔහු ප්‍රධාන කාර්යාලයේ තේ සකස් කර සෑම කෙනෙකු ළඟටම ගිහින් තේ ලබා දෙන කෙනා. ඒ අනුව ගාල්ල ප්‍රධාන කාර්යාලය තුළ සේවය කරන්න ලද සියලුම දෙනාට කොරෝනා අවදානම තියෙනවා. ඒක නිසා පළමුවෙන්ම ප්‍රධාන කාර්යාලය වසා දමනවා සියලු දෙනාටම PCR පරීක්ෂණ සිදුකරලා ඒවගෙන් ලැබෙන ප්‍රතිඵල අනුව තමයි කාර්යාලය තුල රාජ්කාරි කළ යුතු ආකාරය තීරණය කරන්න වෙන්නේ.

    හැබැයි පුෂ්පා ඕක කරයිද කියලා හිතන්න බෑ. කොරෝනා එන්න කලින් පුෂ්ප හා පුෂ්පගේ ගෝලයෝ සිදුකළ චෙක්පත් වංචා ඇතුළු රුපියල් මිලියන 12 ක ඒබීසී මිශ්‍ර ගල් වංචා ගැන එළිදරව් වුණා. ඒ වගේම තව තවත් බරපතළ වංචා හෙළිදරව් වුණා. බොහෝ ඒවාට අනුබල දීලා තියෙන්නේ පළාත් සභාවේ ප්‍රධානීන්. රජයේ විගණන නිලධාරීන්ද ඒක පිටිපස්සේ පුෂ්පාගේ උදව්වට හිටිය. ඒවා පවත්වාගෙන යෑමට pushpa ට කාර්යාලය විවෘත කරගෙන පවත්ව ගෙන යන්න ඕන වෙනවා. බලමු මොකක්ද කරන්නේ කියලා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!