spot_img
spot_imgspot_img

රාජකාරී වේලාවේ අසැබි දර්ශන බැලූ පළාත් ආදායම් නිලධාරියාට එරෙහි පරීක්ෂණයක්

පුවත්

විදෙස්

පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරියකු රාජකාරී වේලාව තුළ අසභ්‍ය දර්ශන අඩංගු වීඩියෝ නරඹමින් සිටීමේ සිද්ධියක් පිළිබඳ rata.lk විසින් පළ කරන ලද පුවතින් පසු ඒ පිළිබඳ පරිපූර්ණ විමර්ශනයක් කිරීමට නියෝජ්‍ය කොමසාරිස්වරුන් තිදෙනකුගෙන් යුතු කමිටුවක් පත්කර ඇතැයි අප වෙත ලිඛිතව දැනුම් දී ඇත.

මෙම දැනුම්දීම සිදුකර ඇත්තේ එම විමර්ශන කමිටුවේ සභාපති නියෝජ්‍ය කොමසාරිස් ටිලීෂියා ඩී.ඒ.ගුණසේකර විසිනි. අප ආයතනය සතුව එම සිද්ධියට අදාලව වීඩියෝ දර්ශන, ඡායාරූප, හඬපට සහ වෙනත් තොරතුරු ඇත්නම් ඒවා රැගෙන එම විමර්ශන කමිටුව හමුවේ පෙනී සිටින ලෙස ද ඇය ලිඛිත ඉල්ලීමක් කර ඇත.

මෙවැනි විමර්ශනක් සිදුකිරීම සම්බන්ධයෙන් පළාත් ආදායම් දෙපාර්තමේන්තුවට අපගේ කෘතවේදීත්වය පිරිනමන නමුත් මෙය ඔවුන්ගේ අභ්‍යන්තර කාර්යයක් වන බවැනි 1973 අංක 05 දරන පුවත්පත් මණ්ඩල පනතේ රීතීන් අනුව මාධ්‍යවේදීන් ලෙස අප මූලාශ්‍ර හෙළි නොකිරීමට බැඳී සිටීමේ රීතිය අනුව මෙවැනි අභ්‍යන්තර පරීක්ෂණයක් සඳහා අප සතුව ඇති වීඩියෝ සාක්ෂි ඇතුළු තොතුරු ලබා නොදෙන අතර ඒවා අප වෙත ලැබුණු මූලාශ්‍රයන් හෙළි නොකරන බව ද දැනුම් දෙන්නෙමු.

නමුත් මේ සම්බන්ධයෙන් කිව යුතු දෙයක් තිබේ.

මෙම සිද්ධිය පිළිබඳ පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලයේ සියලුම නිලධාරී නිලධාරියන් දැනුම්වත්ය. ඔවුන්ගෙන් බොහෝ දෙනකු අප විසින් අනාවරණය කරන ලද සිදුවීම ‍ඇසින් දැක ඇති අතර එම සිද්ධිය පිළිබඳ හොඳින්ම දනිති. එපමණක් නොව මෙම විමර්ශන කමිටුවේ සභාපතිනිය සිටින මාතර කාර්යාලයේ නිලධාරී නිලධාරිනියන් පවා මේ පිළිබඳ හොඳින් දනී. අදාල සිද්ධියට මුහුණ දුන් නිලධාරියා නැතිනම් අසභ්‍ය දර්ශන කාර්යාලයේ රාජකාරී වේලාවේ දී කාර්යාල පරිගණකයකින් නරඹමින් සිටි පුද්ගලයා ද අනිකුත් නිලධාරීන් හොඳින් දනී.

“අපරාදේ ඔය වෙලාවේ කරන්න තිබුණේ ඒක රෙකෝඩ් කරපු ෆෝන් එක උදුරගෙන කුඩුවෙන්නම පොළොවේ ගහන එක. පස්සේ ෆෝන් එකක් අරන් දුන්නත් ලාභයි” යනුවෙන් එම සිද්ධියට මුහුණ දුන් නිලධාරියාට උසස් නිලධාරීන් විසින් උපදෙස් පවා දී තිබේ.

එවැනි තත්ත්වයක් තුළ තම දෙපාර්තමේන්තුවේ සිදුවූ විනය විරෝධී ක්‍රියාවක් පිළිබඳ විමර්ශනය කිරීමට ඒ බව හෙළිදරව් කළ rata.lk වෙබ් අඩවියේ සහය ඉල්ලීම අවශ්‍ය වන්නේ නැත. ගාල්ල කාර්යාලයේ දී මේ විමර්ශනය සිදුකිරීමට ඕනෑ තරම් සාක්ෂි තිබේ.

නමුත් අපට ඇති ගැටලුව වන්නේ පළාත් ආදායම් දෙපාර්තමේන්තුව මේ සැරසෙන්නේ rata,lk වෙබ් අඩවියේ පළවූ තොරතුර පිළිබඳ විමර්ශනයක් කිරීමට කමිටුවක් පත්කර ඊනියා විමර්ශයනක් තුළින් චෝදනා ලැබූවන් නිදහස් කරලීමටද යන්න පිළිබඳව ද අපි විමසිල්ලෙන් සිටින්නෙමු. ඒ සියල්ල ඉදිරියේ දී හෙළිදරව් කරන බව ද rata.lk පාඨකයන් වෙත දන්වා සිටිමු.

මීට පෙර මෙම සිදුවීම හෙළිදරව් කළ ලිපිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!