spot_img
spot_imgspot_img

ගාල්ලේ කාර්යාලයක නිලධාරීන් අසභ්‍ය චිත්‍රපටි බලා අමාරුවේ වැටිලා

පුවත්

විදෙස්

රාජකාරී වේලාවේ දී කාර්යාලයේ පරිගණකයකින් අසභ්‍ය ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝ දර්ශන නරඹමින් සිටි නිලධාරියකු ඉන් ගැලවීමට රජයේ ආදායම් ද අහිමිකර පුද්ගලික මුදලින් ද වන්දි ගෙවීමේ පුවතක් ගාල්ලේ කාර්යාලයකින් වාර්තා වෙයි.

මෙය සිදුව ඇත්තේ දකුණු පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලයේය. ඉඩමක් මිලදී ගැනීමේ දී අඩු අගයක් සඳහන් කරමින් මුද්දර ගාස්තු අඩුවෙන් ගෙවා රජයට ලැබිය යුතු ආදායමක් අහිමිකළ බවට චෝදනා කරමින් ගාල්ලේ පදිංචිකරුවකුට එම කාර්යාලයට පැමිණෙන ලෙස දන්වා තිබුණේ ඒ සඳහා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පෙර දඩ මුදල් අයකර එම ගැටලුව නිරාකරණය කරදීමේ කාර්යය වෙනුවෙනි.

කැඳවීම ලැබූ තරුණයා තම සහෝදරයකු ද සමඟ නියමිත දිනයේ දකුණු පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලයට පැමිණියේය. චෝදනාව එල්ලවී ඇති පුද්ගලයා එම කාරණය සම්බන්ධයෙන් අදාල නිලධාරීවරයා සමඟ සාකච්ඡා කරමින් සිටිය දී ඔහුගේ සහෝදරයා වෙනත් තැනක පුටුවක වාඩිවී සිටියේය. ඔහු හදිසියේම දුටුවේ කාර්යාලයේ නිලධාරියකු තම මේසය මත ඇති පරිගණකයෙන් අසභ්‍ය ලිංගික දර්ශන සහිත වීඩියෝ වැඩසටහනක් නරඹන බවයි. ආගන්තුක තරුණයා කාටත් නොදැනෙන්නට හොර රහසේ ම ‍මෙය තම ජංගම දුරකථනයේ පටිගත කළේය. තම සහෝදරයා ද පැමිණි කරුණ අවසන් කර පැමිණෙනාවත් සමඟ හෙතම වහාම නැගී සිට කෑ ගැසුවේය.

“මෙන්න රජයේ නිලධාරීන්ගේ වැඩ. ඔෆිස් වෙලාවේ ඔෆිස් එකේම කම්පියුටර්ස්වලින් බ්ලූ ෆිල්ම්ස් බලනවා. මම ඔක්කෝම වීඩියෝ කළා. අපි මේවා ෆේස් බුක් දාලා හොඳ වැඩක් කරන්නම්.”

ඔහු එසේ කෑ ගැසීමත් සමඟම කාර්යාලය කඩි ගුලක් සේ ඇවිස්සුණේය. සිදුවූ දේ අදහාගත නොහැකි වූ කාර්යාල සේවකයෝ තරුණයන් දෙදෙනා අසළට එන විට ඔවුහු පඩිපෙල බැස පළා ගියහ. කාර්යාලයේ නිලධාරීන් ඔවුන් පසු පසු යමින් ඇවිටිලි කළ ද තරුණයන් ඉවත්ව ගියහ.

නමුත් උපායශීලී වූ කාර්යාලයේ නිලධාරීන් තම සඟයා බේරාගැනීම සඳහා මෙහෙයුමක් දියත් කළේ කඩිනමිනි. එම තරුණයන්ගේ ජංගම දුරකථනයට කතා කරමින් සිද්ධිය සමථයකට පත්කිරීමට අවශ්‍ය ඉල්ලීම් කළහ. අවසානයේ රජයට ගෙවීමට තිබූ රුපියල් ලක්ෂ 02කට ආසන්න මුදල නොගෙවා අදාල ලියකියවිලි වෙනස් කර දෙන බවටත් එම නිලධාරියාගේ අසභ්‍ය දර්ශන බැලීමේ සිද්ධිය කිසිම තැනක ප්‍රසිද්ධියට පත් නොකරන ලෙසත් ඉල්ලා සිටියහ.

එයට එකඟතාව හිමිවිය. දින කිහිපයකින් මේ තරුණයන්ගේ ඉඩමේ පළහිලව්ව විසදා දැමිණි. ඉඩමේ වටිනාකමට වඩා අඩු මුදලක් සටහන් කරමින් ඔප්පු ලියා රජයට මුද්දර ගාස්තු අහිමිකිරීම වෙනුවෙන් ගෙවිය යුතු වූ රුපියල් ලක්ෂ 02කට මදක් වැඩි මුදල ලේඛන වෙනස් කර කපා හැරිණි. අසභ්‍ය දර්ශන ‍බැලීමේ සිද්ධිය අවසන් වූ වා යැයි ඒවා නැරඹූ පුද්ගලයා ද ඔහුගේ කාර්යාල මිතුරෝ ද සැනසුම් සුසුම් හෙළූහ.

නමුත් එය එතැනින් අවසන් වූයේ නැත. ටික දිනකින් යළි අදාල නිලධාරියාට ඇමතුමක් ගත් පෙර කී තරුණයෝ මේ දර්ශන සමාජ මාධ්‍යවලට මුදාහරින බවත් එසේ නොකිරීමට නම් රුපියල් ලක්ෂ 05ක් අවශ්‍ය බවත් කීහ. ඔවුන්ගේ ඉල්ලීම යළි ඉටු විය. ඉල්ලූ රුපියල් ලක්ෂ 05 තරුණයන්ට දුන්හ.

නමුත් සිද්ධිය එතැනින් අවසන්ව නැතැයි දැනගන්නට ඇත. දැන් දකුණු පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කළ වරද නිසා කිසිවක් කරකියා ගත නොහැකිව සිටින බව පැවසේ.

මේ අසභ්‍ය දර්ශන සහිත වීඩියෝ නැරඹීම කර ඇත්තේ එම නිලධාරියා පමණක් නොවේ. කාර්යාල පරිගණක හා කාර්යාල අන්තර්ජාල සම්බන්ධතා භාවිතා කරමින් එහි සිටින බොහෝ දෙනකු මේ කාර්යය කළ බව ඉහතකී තරුණයන්ගේ වැඩෙන් මේ වනවිට අනාවරණය වී තිබේ.  

3 COMMENTS

  1. ගාල්ල කාර්යාලය සිද්ධිය ඇත්ත නමුත් මුදල් ගත්ත කථාව බොරුවක්

  2. තවත් office වල ඕවා වෙනවා, මිනිස්සුන් ඕවට එරෙහිව නැගී සිටින්නැති එක නිසයි, ඕවා ඔහොම වෙන්නේ, අපේ රටේ මිනිස්සුන්ට ඕවා මතක් වෙන්නේ පෞද්ගලිකව තමන්ට අසාධාරණයක් වුණොත් විතරයි.

  3. ඔය කියන ඔප්පුවට ලක්ෂ දෙකක් ගෙවන්න උනෙත් නෑ ඔය කියන පුද්ගලයාට කතා කරේ නෑ ඔය කියන පුද්ගලයා ලක්ෂ පහක් ගත්තෙත් නෑ මම ළඟ සියලුම වීඩියෝස් තියනවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!