spot_img
spot_imgspot_img

උතුරු මැද සංචාරක ප්‍රවර්ධනයට දුන් ලක්ෂ 160ක් සොයන්න CIDයට කියයි

පුවත්

විදෙස්

උතුරු මැද පළාතේ සංචාරක ප්‍රවර්ධනය සඳහා ලබාදුන් රුපියල් ලක්ෂ 160ක් වංචා කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙස උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දී තිබේ.

උතුරුමැද පලාතේ සංචාරක කර්මාන්තය වැඩිදියුණු කිරීම සඳහා වෙබ් අඩවියක්, සීඩී පටියක් සහ ජාත්‍යන්තර මට්ටමේ ග්‍රන්ථයක් සැකසීමට බව කියමින් 2016 වර්ෂයේ දී මෙම මුදල් ලබා දී ඇත.

කොන්ත්‍රාත්කරුවකු සමඟ ගිවිසුම් ගත වී මෙම මුදල් ලබා දී ඇතත් එම කාර්යය මෙතෙක් ඉටු නොවීම සහ මුදල්වලට සිදුවූ දෙයක් නොමැති වීම හේතුවෙන් ඒ පිළිිබඳ සොයා බැලීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්ත‍මේන්තුවට දැනුම් දෙන ලෙස ආණ්ඩුකාරවරයා උපදෙස් දී තිබේ.

1 COMMENT

  1. අන්න නියම ආණ්ඩුකාරවරු, ඒකටත් හරියන්න අපේ දකුණු ආණ්ඩුකාරවරයා. 2020.06.22 දින දකුණු පළාත් අණ්ඩුකාරවරයා පස්වරු 2.30 විශේෂ සාකච්ඡාවක් පවත්වනවා. ඒකට පහත සඳහන් නිලධාරීන් ඇතුළුව නිලධාරීන් 24 දෙනෙක් සහභාගි වෙනවා. මොකටද රැස්වුණේ කියලා දන්නවද? දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සිදු වී ඇති දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට.

    1.දකුණු පළාත් ප්‍රධාන ලේකම් සොයිසා මහතා.
    2. පළාත් මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් වික්‍රමසිරි මහතා.
    3. ජාතික විගණන කාර්යාලයේ සහකාර විගණකාධිපති රේණුකා මහත්මිය, විගණන අධිකාරි B.M.S.කුමාර මහතා, E.M.K.M. පද්මලාල් මහතා.
    4.දකුණු පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් හා දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය සාමාජික සුනිල් පෝද්දිවල මහතා.
    5.දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චන්දිම මහතා .
    6.දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සාමාන්‍යධිකාරී පුෂ්පා මහත්මිය.

    ගත්තු වැදගත් තීරණ දෙකක් මෙන්න ?

    1. රැස්වීම් වර්තාවේ අංක 10 යටතේ ඇති තීරණය- ABC මිශ්‍ර ගල් සැපයීමේදී සිදුවූ රුපියල් මිලියන 14ක වංචාව ගැන කඩිනමින් දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ආයතනික පරීක්ෂණයක් සිදු කර අවසන් කළ යුතු බව.

    2.රැස්වීම් වර්තාවේ අංක 08 යටතේ ඇති තීරණය- දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ හිටපු සාමාන්‍යාධිකාරිවරයා වෙත 2009/7 චක්‍ර ලේඛනයට පටහැනිව රුපියල් ලක්ෂ 13ක වැඩි වැටුප් ගෙවීම් ගැන නීතිමය පියවර කඩිනමින් අවසන් කළ යුතු බව.

    අද දිනට ප්‍රගතිය මෙන්න,

    1. රුපියල් මිලියන 14ක ABC මිශ්‍ර ගල් වංචාව ගැන – සාකච්ඡාව තිබුණු 2020.06.22 දින සිට මාස 6ක් ගත වෙනකන් කිසිදු ක්‍රියා මාර්ගයක් ගත්තේ නැහැ .වෘත්තීය සමිති වලින් සිහිගැන්වූ පසුව හීනෙන් අවදි උනා වගේ පළාත් මහා මාර්ග ලේකම් විසින් ප්‍රධාන ලේකම්ට, ආපහු ප්‍රධාන ලේකම් විසින් මහාමාර්ග ලේකම්ට,ආපහු මහාමාර්ග ලේකම් විසින් ප්‍රධාන ලේකම් වෙත මාරුවෙන් මාරුවටට ලිපි හුවමාරු කරගනිමින් දූෂිතයන්ට එරෙහිව ගතයුතු ක්‍රියා ක්‍රියාමාර්ග නොගෙන මග හරිමින් ඉන්නවා. දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් කීප දෙනෙක් සිදු කළ මෙම විෂමාචාරය ගැන විධිමත් මූලික විමර්ශනය කිරීමට බලය ඇත්තේ එහි සාමාන්‍යාධිකාරිවරයා වෙත බැවින් සාමාන්‍යධිකාරි වරයාට එය නොපවරා මෙම ලේකම්වරුන් දෙන්නා කරන්නේ දූෂිත නිලධාරීන් ආරක්ෂා කර ගැනීම සඳහා බොරුවට ලිපි හුවමාරු කර ගැනීමකි. අදට මාස 9 ගතවෙලත් කිසිදු මූලික විමර්ශනයක් නැහැ.

    2. හිටපු සාමාන්‍යාධිකාරිවරයා වෙත 2009/7 චක්‍ර ලේඛනයට පටහැනිව රුපියල් ලක්ෂ 13ක වැඩි වැටුප් ගෙවීම් ගැන – සාකච්ඡාව තිබුණු 2020.06.22 දින සිට මාස 9 ක් ගත වෙනකන් කිසිදු නඩු පැවරීම්ක් නැත. මෙම නීති විරෝධී ගෙවීම් අනුමත කළ, නිර්දේශය ලබාදුන් වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව කිසිදු විනය ක්‍රියාමාර්ගයක් නැත. රජයට සිදු වූ අලාභය අය කරගැනීමට කිසිදු පියවරක් ගෙන නැත.

    මේවා මෙසේ සිදු වෙද්දී ජාතික විගණන අධිකාරියේ නිලධාරීන් බකන්නිලා සිටී .

    2020.06.22 දින සාකච්ඡා තීරණ ගැන කිසිදු පසු විපරමක් නැත.

    දූෂණ ගැට ගැසීම ගැන විගණන විමසුම් ද නැත.

    දූෂණ වලට සම්බන්ධ නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග නොගෙන සිටීම ගැන දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ විනය බලධාරියා වන සාමාන්‍යධිකාරීවරයාට එරෙහිව විගණන විමසුම් ද නිකුත් කරන්නේ නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!