spot_img
spot_imgspot_img

වෛද්‍යවරයෙක් වැසිකිළි අපද්‍රව්‍යවලින් පගා ඉල්ලයි. නොලැබුණාම බොරු නඩු දාලා

පුවත්

විදෙස්

වරින් වර අධිකරණයන්හි විවිධ නඩු විභාගයට ගනී. මේ නඩු විභාගයේ දී අපූරු තොරතුරු රැසක් අනාවරණය වන අතර මේ නිසාම ජනතාව අධිකරණ වාර්තා පිළිබඳ දැඩි උනන්දුවක් දක්වති. ඇතැම් මාධ්‍යවේදීන්, අධිකරණ නිළධාරීන් මෙන්ම විශ්‍රාම ලැබූ විනිසුරුවරුන් පවා අධිකරණ නඩු සම්බන්ධ තොරතුරු ඇතුළත් පොත් පවා රචනා කරන්නේ එබැවිනි.

මේ ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ දී අතිරේක මහේස්ත්‍රාත් ගුණේන්ද්‍ර මුණසිංහ ඉදිරියේ විභාගයට ගැණුනු නඩුවක දී අනාවරණය වූ අපූරු රසවත් කතාවකි. මෙය එකල පුවත්පත්වල පළවූයේ නැත. 2013 වර්ෂයේ දී මේ නඩුව විභාග කෙරිණි.

පැමිණිල්ල ඉදිපත් කර තිබුණේ ගාල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය අංශය විසිනි. ගාල්ල මහ නගර සභා සීමාවේ ඇති වැසිකිළි වළවල් පිරී ගිය පසු එහි ඇති අපද්‍රව්‍ය ගලි බවුසරයකින් ඉවත්කර ඒවා ගාල්ලේ ද‍ඩල්ලේ පුද්ගලික ඉඩමකට බැහැර කිරීම සිදුකෙරිණි.

නමුත් හදිසියේම මේ ගලි අපද්‍රවය දමන ඉඩමෙන් රෝග කාරක විෂබීජ පැතිරෙන බවත් ඉඩම් හිමියා මහජන සෞඛ්‍යයට හානියක් සිදුවන අයුරින් එළිමහනේ වැසිකිළි අපද්‍රව්‍ය බැහැර කරන බවත් මේ ඉඩම සෞඛ්‍ය ආරක්ෂිතව පවත්වාගෙන නොයන බවත් පවසමින් නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගේ උපදෙස් පරිදි නඩුව පවරා තිබිණි. නමුත් එම නඩුව පැවරීමට පෙර අදාල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගේ ම උපදෙස් මත මේ ඉඩමට වැසිකිළි අපද්‍රව්‍ය මුදාහැර තිබිණි.

නඩු විභාගය 2013 ජුනි 11 වැනි දින ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ දී පැවැත්විණි. එහි දී පැමිණිල්ල වෙනුවෙන් දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරී සරත් මල්ලවආරචචි පෙනී සිටි අතර විත්තිකරු වෙනුවෙන් නීතිඥ ප්‍රසිත වල්ගම පෙනී සිටියේය.

පැමිණිල්ලේ සාක්ෂි වශයෙන් එවකට ගාල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා වූ සිංගාරච්චිගේ වේදික වෙනුර කුමාර හෙවත් වෙනුර සිංගාරච්චි කැඳවන ලදී. විත්තිකරුගේ නීතිඥ ප්‍රසිත වෙල්ගම පැමිණිල්ලේ සාක්ෂි කරුගෙන් හරස් ප්‍රශ්න අසන්නට වූයේය.

ප්‍ර : ඔය වළවල්වල කොකු පණුවන් ඉන්නවා කියලා මහත්තයා පරීක්ෂා කළා ද ?

පි : නැහැ

ප්‍ර : එවැනි කිසිම පරීක්ෂණයකින් තොරව මහත්මයා රෝග ස්පර්ශක ආඥා පනත යටතේ මෙම විත්තිකරුට විරුද්ධව නඩුව පවරා තිබෙනවා ?

පි : ඔව්

ප්‍ර : ඒ නඩු පවර තිබෙන්නේ මහත්මයා මේ විත්තිකරුගෙන් එක බවුසරයක් සඳහා රුපියල් 500.00ක මුදලක් ඉල්ලීම සම්බන්ධයෙන් එයට විත්තකරු විරුද්ධ වීම නිසා කියලා යෝජනා කරනවා ?

පි : එ්ක ප්‍රතික්ෂේප කරනවා. මිනිසුන්ගේ මිනිස් මළ ද්‍රව්‍ය වලින් මුදල් ලබාගෙන ජීවත් වීමේ අවශ්‍යතාවක් නැහැ.  මොකද අපි රෝග නිවාරණය කිරීමක් කරන්නේ. නීතිඥ මහතා ගරු අධිකරණයට ප්‍රකාශ කර සිටියාට අපි දැනට පෝලියෝ රෝගය නැතිවුණත් එන්නත් ලබා දීමක් කරනවා. රෝග නිවාරණය කිරීමට රෝගීන් වාර්තා වීම අවශ්‍ය වන්නේ නැහැ. ලංකාවේ රෝග නිවාරණයට මූලික හේතුව රෝග කාරකයින් ප්‍රරෝහණය වීමයි. නර සභා ආඥා පනතේ තියෙනවා ප්‍රරෝහණය වීම වැළැක්වීමට අවශ්‍ය කටයුතු. ඒ අනුව රෝගීන් වාර්තා වීම අවශ්‍යථාවක් නැහැ.

ප්‍ර : මහත්මයා රුපියල් 500.00ක් ඉල්ලා ගලි බවුසරයක් සඳහා මේ විත්තිකරුගෙන් එය ලබා නොදීම නිසා මෙම විත්තිකරුට විරුද්ධව නඩුවක් පැවරුවා කියලා කියන්නේ ?

පි : මගේ අදහස පෙර ප්‍රකාශ කළා.

(මේ අවස්ථාවේ වැඩිදුර හරස් ප්‍රශ්න විමසීම සඳහා විත්තිය විසින් දිනයක් ඉල්ලා සිටී)

වැඩිදුරට විභාගය 2013 ගෝස්තු 29

විත්තියේ නීතිඥ ප්‍රසිත වෙල්ගම පැමිණල්ලේ සාක්ෂිකරු වූ සිංගාරච්චිගේ වේදිත වෙනුර කුමාර (වෙනුර සිංගාරච්චි) ගෙන් විත්තියේ නීතිඥ ප්‍රසිත වල්ගම හරස් ප්‍රශ්න අසයි.

ප්‍ර : මහත්මයා රුපියල් 500.00ක මුදලක් 10න් වැඩි කළමා කීයක් ද ?

පි : 5000.00

ප්‍ර : 5000.00 අගය 30න් වැඩි කලාම කීය ද ?

පි : එක් ලක්ෂ පනස් දාහයි

ප්‍ර : මසකට දින 30ක් පවතිනවා ?

පි : ඔව්

නඩුව විභාග කළ ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් කේසර සමරදිවාකර විසින් විත්තකරු කළුමාලිමගේ සරත්චන්ද්‍ර ද සිල්වා සියළු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කෙරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!