spot_img
spot_imgspot_img

ඕස්ට්‍රේලියාවේ අවන්හළක ජයටම විකිණෙන ශ්‍රී ලංකා කොස් Pizza

පුවත්

විදෙස්

කොස් ගසට කියන්නේ බත් ගස කියලා. කොස් කෑවෙ නැති කෙනෙක් ශ්‍රී ලංකාවෙන් සොයා ගැනීමනම් ඉතාත් අසීරු වේවි.

කොස් තම්බල, මැල්ලුම් හදලා, කිරට උයල, තෙම්පරාදු කරලා, වේළලා, බැදලා, ඉදවලා වරකා විදියට, වැල විදියට, පොලොස්, අටු කොස් හැටියට, කොස් ඇට විතරක් නෙවෙයි දැන් කොස්වලින් හදපු කොස් පෝෂ වගේම පොලොස් කට්ලට් පවා තිබෙනවා. මේ එකී නොකී සෑම ආකාරයකින්ම කොස් අපේ බඩ කට පුරවනවා.

කොස් ගැන අපූරු කතාවක් දැක්කා. ටිකක් ආඩම්බරත් හිතෙන කතාවක්.

මේ කතාව ලියන්නේ Asanka Dodantenne තමන්ගේ facebook profile එකේ.

ඔහු කියන්නේ කොස් විවිද ආකාරයට ආහාරයට අරගෙන තිබුණත් සම්ප්‍රදායික ඉතාලි කෑමක් වෙන Pizza එකක් එක්ක කොස් කන්න ලැබෙයි කියලනම් කවදාවත් හිතුවේ නැහැ කියලා.

නමුත් අසංක දොඩංතැන්නට මේ අත්දැකීම විඳින්න අපූරු අවස්ථාවක් ලැබිලා.

හැබැයි ශ්‍රී ලංකාවේ දී හෝ කොස්වල නිජබිම හැටියට සළකන මැලේසියාවේ දී නෙවිය.

අපේ රටේ ඉඳල කිලෝමීටර දහස් ගණනක් ඈතින් තියෙන ඕස්ට්‍රේලියාවේ දී.

ඕස්ට්‍රේලියාවේ දී පීසා අවහන්හළකට ගොඩවෙලා ඒකේ Menu එකේ උඩ පහළ බලාගෙන යද්දී Sri Lankan Jackfruit Pizza දැක්කම පුදුම හිතිලා. තමන් මේ දකින්නේ ඇත්තක්ද කිහලා අසංක දෙතුන් පාරක්ම බළලා. ඔව්. ඔහු දකින්නේ ඇත්තක්.

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයට කිට්ටුව Dandenong Rangers කියන සංචාරක ප්‍රදේශයේ Kallista නම් අලංකාර කඩමංඩියක පිහිටි ඉතා හුරුබුහුටි පීසා අවන්හලක තමයි අහම්බෙන් මේ සුවිශේෂී කෑම ඔහුට හමුවුණේ.

අසංක තමන්ගේ ඒ අත්දැකීම මෙහෙම කියනවා.

“මම අවන්හලේ අයිතිකාර ඕස්ට්‍රේලියානු ජාතික මහත්මියගෙන් ඇහුව මේ අවන්හලේ අරක්කැමිය ශ්‍රී ලාංකිකයෙක්ද කියල. ඇය නෑ කියල ඕස්ට්‍රේලියානු ජාතික තරුණ අරක්කැමිය මට හඳුන්වල දුන්න.

ඔවුන්ගෙ Menu එකේ Sri Lankan Jackfruit Pizza එකට අමතරව Sri Lankan Chicken Pizza කියල එකකුත් තියෙනව. ඒක නම් ප්‍රදේශයේ අය අතර ඉතා ජනප්‍රියයි කියල ඇය කිව්ව. ඇය ලංකාවෙ කෑම ගැන තියා ලෝක සිතියමේ ශ්‍රී ලංකාව කොහෙද තියෙන්නෙ කියලවත් දන්නෙ නෑ. ඔය Pizza දෙකම ඇය මේ පීසා අවන්හළ ඇය විසින් මිලදී ගන්න පෙර සිටි මුල් අයිතිකරු හඳුන්වා දීපු විශේෂ කෑම දෙකක්ලු. නමුත් ඔහුත් ශ්‍රී ලාංකිකයෙකු නොවන බව තමයි ඇය මට කිව්වෙ. මේව ගනුදෙනුකරුවන් අතර ඉතා ජනප්‍රිය නිසාම වෙනස් නොකර දිගටම තියාගන්න ඇය තීරණය කරල.”

ඉතින් අසංක තමන්ගේ රටේ නම තියෙන Sri Lankan Jackfruit Pizza එකයි Sri Lankan Chicken Pizza එකකුයි දෙකම රස බැලුවේ ලොකු අභිමානයකින්.

“ඇත්තටම ඒ රට මරු. තුනපහ මොකුත් නැති නිසා කොස්වල ස්වභාවික රසය ඉතා හොඳින් දැනුන. තව අඩුම කුඩුම ගොක් එක්ක ඉතාලි තක්කාලි පේස්ට් එකක් මත ඕස්ට්‍රේලියානු චීස් සමඟ මිශ්‍ර කරපු ශ්‍රී ලංකාවේ කොස්. ඒ පැත්තේ ගියොත් ගොඩවදින්න.”

අසංක දොඩංතැන්න යනු මෙරට බෙහෙවින් ජනප්‍රිය වූ කූඹියෝ ටෙලි නාට්‍යයේ නිෂ්පාදකවරයාය.

අවන්හළේ වෙබ් අඩවිය

https://www.madravenhotstonepizza.com.au/?fbclid=IwAR1rquq-UDOrZRze4KmflrKqi67gnB_05XuebMl5pKEmc6qmi-Vro9zW6Eg

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!