spot_img
spot_imgspot_img

මියගිය පොලිස් නිලධාරියාගේ සිරුර PCR නොකරම නිදහස් කරලා

පුවත්

විදෙස්

රාජගි‍රියේ දී වෑන් රථයක ගැටීමෙන් මියගිය උප පොලිස් පරීක්ෂකවරයාගේ දේහය කොළඹ පොලිස් මෘත ශරීරාගාරයට ගෙන ගිය ද එම සිරුර පීසීආර් පරීක්ෂණයක් නොපවත්වාම ඊයේ (24) ඥාතීන්ට භාර දී තිබේ.

රට පුරාම කොරෝනා වසංගත තත්ත්වක් පැවතීම හේතුවෙන් හදිසි අනතුරුවලට ලක්වීමෙන් මෙන්ම සියදිවි නසාගැනීමෙන් පවා මියයන පුද්ගලයන් ද පීසීආර් පරීක්ෂණවලට ලක්කිරීම මේ දක්වා අනිවාර්යයෙන් ම සිදුකරන කාර්යයක් වී තිබේ. එසේ වුවද මෙම උප පොලිස් පරීක්ෂකවරයාගේ දේහ‍යෙන් එලෙස පීසීආර් පරීක්ෂණයක් සිදුකර නැත.

උප පොලිස් පරීක්ෂකවරයා මියගිය අවස්ථාවේ දී ඔහු සමඟ සිටි ලොරි සහායකයකු ද මියගොස් තිබූ අතර එම ලොරි සහායකයාගේ සිරුරෙන් පීසීආර් පරීක්ෂණ සඳහා ජෛව සාම්පල ලබාගැනීමට කොළඹ පොලිස් මෝචරියේ අධිකරණ වෛද්‍යවරු කටයුතු කර තිබිණි.

මේ පිළිබඳ අධිකරණ වෛද්‍ය අංශයෙන් විමසූ විට කියා සිටියේ එම උප පොලිස් පරීක්ෂකවරයා කොරෝනා මර්ධන එන්නත ලබාගෙන ඇති බැවින් පීසීආර් පරීක්ෂණ සිදු නොකළ බවයි.

මේ වනවිට කොරෝනා මර්ධන එන්නත ලබාගත් ශ්‍රී ලංකාවේ කිසිම අයකුට එහි දෙවැනි මාත්‍රාව ලැබී නොමැත. එන්නතේ දෙවැනි මාත්‍රාව ලැබෙනතුරු එන්නතෙන් ආරක්ෂාවක් නොමැති බව එන්නතේ නිෂ්පාදන සමාගම පවසයි. කොරෝනා එන්නතේ පළමුවැනි මාත්‍රාව ලබාගත් පසුව ද කොරෝනා ආසාදනය වූ පුද්ගලයන් පිරිසක් මෙරටින් වාර්තා වී තිබීමෙන් ම ඒ බව තහවරු වෙයි.

මේ පිළිබඳ විමසූ විට විශේෂඥ අධිකරණ වෛද්‍යවරයකු අප සමග කියා සිටියේ උප පොලිස් පරීක්ෂකවරයාගේ මරණයට හේතුව රිය අනතුරක් බව පැහැදිලි වුව ද ඔහුගේ සිරුරෙන් පීසීආර් පරීක්ෂණයක් සිදුකිරීම දැනට පවතින නිරෝධායන ක්‍රමවේදයන්ට අනුව අවශ්‍ය කාර්යයක් බවයි. කෙසේ වෙතත් එලෙස පීසීආර් පරීක්ෂණයක් සිදුකර ලැබෙන ප්‍රතිඵලය මරණයට ලක්වීමේ හේතුවට බලපෑමක්‍ නොවූව ද නිරෝධායනය කටයුතු සඳහා එය වැදගත් බව හෙතෙම පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!