spot_img
spot_imgspot_img

ඉන්දියාවට පිහිනා ලෝක වාර්තාවක් තැබීමට සැරසෙන දකුණේ වීරයෝ

පුවත්

විදෙස්

බ්‍රිතාන්‍ය රාජ­කීය ජීවි­තා­ර­ක්ෂක සංග­මය විසින් පිරි­න­මන මවුන්ට් බැට්න් සම්මා­න­යෙන් පිදුම් ලද පිහි­නුම් උප­දේ­ශක ආචාර්ය කේ. ඩබ්ලිව් යස­රත්න මහතා මෙර­ටට අත්ක­රදී ඇති කීර්තිය අති මහත්ය. ඒ අත­රට තම ගෝල­යින් එක්ක­ර­ග­නි­මින් නව වාර්තා­වක් ඔස්සේ ශ්‍රී ලංකා පිහි­නුම් වාර්තා පොත අලු­ත්ක­ර­න්නට යස­රත්න සැල­සුම් කර ඇත්තේ ඒ කෙරෙහි ලෝක අව­ධා­නය ද හිමි­කර ගනි­මිනි.

පිහි­නුම් ක්‍රීඩාව හරහා මෙරට වැඩිම වාර්තා පිහි­ටුවා ඇත්තේ කෙටි­දුර පිහිනුම් අංශ සඳ­හාය. එම තත්ත්වය වෙන­ස්ක­ර­මින් ඉන්දි­යාව හා ශ්‍රී ලංකාව අතර කිලෝ මීටර් හැටක දුරක් දිවා රාත්‍රී පිහිනා වාර්තා­වක් පිහි­ටු­ව­න්නට යස­රත්න මහ­තාගේ ගෝල­යකු වන ශ්‍රී ලංකා ගුවන් හමු­දාවේ රෝෂාන් අබේ­සු­න්දර (32) සූදා­න­මින් සිටින්නේ මෙරට පිහි­ණුම් ක්‍රීඩාව නව මාව­ත­කට යොමු­ක­ර­මිනි.

ඒ අත­රට තවත් තවත් වාර්තා­වක් එක්ක­ර­න්නට මාතර රාහුල විද්‍යා­ලයේ සිසුන් වන අභි­මන් වෙල්ල­ප්පිලි (17) හා ශෂාන් අෂීම් (15) ද මාතර සුජාතා විද්‍යා­ලයේ කේ. ඩබ්ලිව් විහංගා දිල්මිණි (17) ශිෂ්‍යාව ද සූදා­න­මින් සිටිති. ඒ මන්නා­රමේ සිට ඉන්දි­යාවේ ධනු­ස්කොඩි වරා­යට කිලෝ­මී­ටර් තිහක දුරක් පිහිනා ගොස් නව ශ්‍රී ලංකා වාර්තා­වක් පිහි­ටු­ව­න්න­ටය.

මෙම නව ශ්‍රී ලංකා වාර්තා පිහි­ටු­වීමේ සැල­සු­මට අදා­ලව පසු­ගිය සති කීපය පුරා පුහුණු තරග රැසක් දකුණු මුහුදු තීර­යෙහි පැවති අතර එහිදී ද නව වාර්තා කීප­යක් බිහි­විය. ඒ අත­රට පළ­මු­වෙන් එක්වූ වාර්තාව වූයේ මාතර සිට මිදි­ග­මට කිලෝ මීටර් පහ­ළො­වක් පිහි­නා­ගොස් තැබූ නව ශ්‍රී ලංකා වාර්තා­වයි. එතෙක් පැවති වාර්තාව වූයේ කිලෝ මීටර් දහ­යක් පිහිනා තබා තිබූ වාර්තා­වයි. රෝෂාන් සමග එක්ව පාසල් දූ දරු­වන් තිදෙනා එම වාර්තාව බිඳ­දමා නව වාර්තා­වක් තබ­න්නට සම­ත්වූහ.

ඉකුත් ජන­වාරි තුන්වැ­නිදා රොෂාන් මාතර සිට කොග්ග­ලට කිලෝ මීටර් විසි පහක් පිහිනා නව වාර්තාව තවත් අලුත් කළේය. එම අව­ස්ථාව සහ­තික කිරීම සඳහා ශ්‍රී ලංකා ජල­ ක්‍රීඩා සංග­මයේ නිල­ධා­රීන් ද එක්ව සිටි අතර එය නව ශ්‍රී ලංකා වාර්තා­වක් බවට ඔවුන් වාර්තා පොතට එක්ක­රන ලදි.

එතැ­නින් නොනැ­ව­තුණු රොෂාන් පෙබ­ර­වාරි මස 26 හා 27 දෙ දින දිවා රාත්‍රියේ මාතර සිට ගාල්ල දඩ­ල්ල­ටත් දඩල්ලේ සිට නැවත උණ­ව­ටු­න­ටත් කිලෝ­මී­ටර් හත­ළිස් අටක් පිහිනා නව ජාතික වාර්තා­වක් තැබු­වේය. මෙම හැම තරග අව­ස්ථා­ව­ක­ටම අභි­මන්, ශෂාන් අෂීම් හා විහංගා දිල්මිණි ද සහාය පිහි­නු­ම්ක­රු­වන් ලෙස එක්වෙ­මින් අත්දැ­කීම් එක්කර ගත් අතර ඔවුන් මෙම නව ශ්‍රී ලංකා වාර්තාව පිහි­ටු­වීම සඳහා ඉහළ පුහු­ණ­වක් ද ලබුහ.

තම පුහු­ණු­කා­රී­ත්වය යටතේ නව වාර්තා තබ­න්නට ගෝල­යින් සූදා­නම් කළ අයුරු පිහි­ණුම් උප­දේ­ශක ආචාර්ය කේ. ඩබ්ලිව් යස­රත්න මහතා මෙලෙස විස්තර කළේය

“මගේ වයස දැන් අවු­රුදු පනස් නව­යයි. පිහිනුම් උප­දේ­ශ­ක­යකු ලෙස සේවා කාලය වසර තිස් අටක්. මෙම කාලය තුළ මම පහ­ළොත් දහ­සක පමණ පිරිසක් පිහු­ණුම් ක්‍රීඩාව සඳහා පුහුණු කර තිබෙ­නවා. මම 2014 සුනාමි ව්‍යස­න­යේදි ජීවිත රැසක් බේරා­ගත්තා. ඒ සඳහා තමයි මට එංග­ලන්ත මහ රැජි­නගේ විශේෂ සම්මා­නය හිමිවුණේ. 1985 පොල්හේන ජල ක්‍රීඩා සංග­මය පිහි­ටුවා අද වෙන­තෙක් එහි සාමා­ජි­ක­යක් ලෙස කට­යුතු කර­මින් අනා­ගත පර­පු­රට අත­හිත ලබා­දෙ­නවා. රොෂාන් මගේ ළඟට ආවේ පිහිනුම් තාක්ෂ­ණය පිළ­බඳ හදා­රන්නට. එලෙස පැමිණි රෝෂාන්ගේ දක්ෂතා හඳු­නා­ගෙන මම මෙම වාර්තාව සඳහා ඔහුව සූදා­නම් කළා එය දුටු රාහුලේ දරු­වන් දෙදෙ­නාත් සුජාතා විද්‍යා­ලයේ ඉගෙ­නුම ලබන මගේ දිය­ණි­යත් නව වාර්තා­වක් සඳහා යන්නට සැල­සුම් කළා. අපේ සැල­සුම අදි­යර කීප­ය­කදි පරීක්ෂා කර බලා අපි එහි ප්‍රති­ඵල අපේ­ක්ෂා­වෙන් මාර්තු මස විසි­හ­ය­වැනි දින මන්නා­රමේ සිට ඉන්දි­යාවේ දනු­ස්කොඩි වරා­යට පිහිනා යන්න සැල­සුම් කර තිබෙ­නවා.”

එහිදි රෝෂාන් මන්නා­රමේ සිට ධනු­ෂ්කොඩි වරා­යට කිලෝ මීටර් තිහක් හා එහි සිට නැවත මන්නා­ර­මට කිලෝ මීටර් තිහක් පිහිනා යාමට සැළසුම් කර තිබේ. මෙය දිවා සහ රාත්‍රියේ නොන­ව­ත්වාම සිදු කිරීමට නියමිතය.

රොෂාන් සමග විනෝ­ද­යට හා පුහු­ණු වීමේ අපේක්ෂාවෙන් පිහිණූ සිසුන් හා සිසු­විය නව ශ්‍රී ලංකා වාර්තා­වක් වෙනු­වෙන් පිහි­න­න්නට ගත් ක්‍රියා­මා­ර්ගය පිළි­බඳ ඹවුන් මෙලෙස පැව­සූහ.

අභි­මන් වෙල්ල­ප්පිලි

“මම මාතර රාහුල විද්‍යා­ලයේ 12 ශ්‍රේණියේ වාණිජ අංශ­යෙන් ඉගෙනුම ලබ­නවා. අනා­ග­ත­යේදී හමුදා නිල­ධා­රි­යෙක් වන්නට තමයි මගේ බලා­පො­රො­ත්තුව. පිහි­ණුම් ක්‍රීඩාව වගේම මගේ ඉගෙනුම් කට­යු­තුත් බාදා­ව­කින් තොරව කර­ගෙන යනවා. මම කලාප හා දිස­ත්‍රික් මට්ටමේ පිහිනුම් තරග රැසක් ජය­ගෙන තිබෙ­නවා. යස­රත්න සර් තමයි මෙම අව­ස්ථාව සඳහා අපි යොමු කළේ. ඒක භයා­න­කයි කියා කෙනෙ­කුට හිතෙන්න පුළු­වන් ඒත් ඒක අපිට හරිම විනෝද අව­ස්ථා­වක්. මෙම උත්සා­හය අනිවා­ර්ය­යෙන් ඉටු­ක­ර­ගෙන නව ශ්‍රී ලංකා වාර්තා­වක් තියන්න උන­න්දු­වෙන් බලා ඉන්නවා. ජාලිය වෙල්ල­ප්පිලි මගේ තාත්තා තමයි මේ වැඩ­ව­ලදි මගේ ලඟින්ම ඉඳන් උදව් කරන්නේ.”

ශෂාන් අෂීම් මෙසේ කීවේය.

“මම මාතර රාහුල විද්‍යා­ලයේ 10 ශ්‍රේණියේ ඉගෙ­නුම ලබ­නවා. කුඩා කාලයේ සිට පිහි­නුම් කට­යුතු සඳහා එක්වුණා. මට ලැබුණු හැම අව­ස්ථා­වක්ම අර­ගෙන ඉන් මගේ හැකි­යාව පෙන්වන්න මම උත්සාහ ගත්තා ඉන් ජය­ග්‍ර­හණ රැසක් ද ලැබුණා. මෙයත් මගේ ජීවි­තයේ තවත් එක් ඉල­ක්ක­යක්.”

කේ. ඩබ්ලිව්. විහංගා දිල්මිණි මෙසේ කීවාය.

“මම මාතර සුජාතා විද්‍යා­ලයේ ජීව­ විද්‍ය අංශ­යෙන් උස­ස්පෙළ හදා­ර­නවා. අන­ග­ත­යේදි වෛද්‍ය­ව­රි­යක් වෙන්න තමයි මගේ බලා­පො­රො­ත්තව. වයස අවු­රුදු 03 සිට මම පිහි­නුම් ක්‍රීඩා­වට යොමු­වුනා. දැන් අවු­රුදු දාහ­ත­රක් පුරා මම පිහි­නුම් තරග සඳහා එක්ව සිටි­නවා. ඉන් කලාප, දිස්ත්‍රික් වගේම ජාතික මට්ටමේ තරග සඳ­හාත් ඉදි­රි­පත්ව ජය­ගෙන තිබෙ­නවා. ලබන 26 ­වැ­නිදා මම සූදා­නම් වෙන්නේ මගේ පිහි­නුම් ජීවි­තයේ විශේ­ෂි­තම අව­ස්ථා­ව­කට. ඒ සඳහා මම අර­ගෙන යන්නේ මගෙ තාත්තා. ඔහු මට වගේ දහස් ගණ­න­කට පිහි­නුම් කියා­දුන් දයා­බර පියෙක්.”

මාර්තු මස 26 හා 27 දෙදින පැවැ­ත්වෙන තර­ගය සඳහා මෙන්ම පසු­ගිය සති කීපය පුරා පැවති සියලු තරඟ සඳහා යස­රත්න මහ­තාට අම­ත­රව සහාය පුහු­ණු­ක­රු­වන් වන පී. එච්. සුදත් මධු­ශංක හා එච්. ජී. අජන්ත මහ­ත්ව­රු­න්ගෙන් විශේෂ සහා­යක් ලැබී ඇති අතර පොල්හේන කිමිදුම් සමා­ජයේ චම්ලි ද සිල්වා මහතා, පොල්හේන ජල ක්‍රීඩා සමා­ජය, ශ්‍රී ලංකා ගුවන් හමු­දාව, නාවික හමු­දාව, ගාල්ල සාගර විශ්ව­වි­ද්‍යා­ලයේ පිහි­නුම් උප­දේ­ශක සුදේශ විදා­න­ගම, සංචා­රක මණ්ඩ­ලයේ පිහි­නුම් උප­දේ­ශක ජේ. එච් පති­රණ, ඊ. ඒ. නන්දන මහ­ත්ව­රුන් සේම ෆර්ම් ජල බෝතල් නිෂ්පා­දන ආය­ත­නයේ හිමි­කාර ජාලිය වෙල්ල­ප්පිලි මහතා ද අනු­ග්‍රා­හ­ක­ත්වය දක්වා ඇත.

(ජයසිරි පේදුරුආරච්චි)

????????????????????????????????????

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!