spot_img
spot_imgspot_img

අතුරුදන් තරුණයාගේ සිරුර තුන්වැනි දිනයේ දී හමුවේ

පුවත්

විදෙස්

මඩොල්සිම පුංචි ලෝකාන්තයේ දී අතුරුදන් වූ දිනුර විජේසුන්දරගේ මළ සිරුරු අද (09) සොයාගත් බව යුද හමුදාව පවසයි.

ඔහු පසුගිය (06) වැනි දා මිතුරන් පිරිසක් සමඟ පුංචි ලෝකාන්තයට ගොස් එහි කඳවුරුගත රාත්‍රියක් ගතකරමින් සිටිය දී අධික ශීතල බව පවසා වාහනයට ගොස් නිදාගන්නා බව පවසමින් කූඩාරමෙන් පිටතට ගොස් තිබේ. ඉන් පසු ඔහු අතුරුදන්ව ඇත. ඔහුගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් මඩොල්සිම පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව පසුදා සිට පොලිසිය, හමුදාව ඇතුළු විශාල පිරිසක් ඔහු සොයා මෙහෙයුම් දියත් කළ අතර අද ඔහුගේ සිරුර ප්‍රපාතයේ තිබී හමුවී ඇත.

මියගිය දිනුර විජේසුන්දර සිරස මාධ්‍ය ජාලයේ පරිගණක ත්‍රිමාණ සජීවීකරණ නිර්මාණ ශිල්පියකු ලෙස සේවය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!