spot_img
spot_imgspot_img

රාජ්‍ය ඇමතිනිය පාර්ලිමේන්තුවේ දී බොරු කීවාද? මරණවල ඇත්ත මෙන්න

පුවත්

විදෙස්

කොරෝනාවෙන් මිය යන හෝ ආසාදිතවන්නන්  පිලිබද නිවැරදි තොරතුරු රජය සෑම විටම  ඉදිරිපත් කරන බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පාර්ලිමේන්තුවේදී අද (09) කියා සිටියාය.

පාර්ලිමේන්තුවේ දී රාජ්‍ය ඇමතිනිය මෙය වගකීමෙන් යුතුව කියනු ලැබූ ප්‍රකාශයක් යැයි අප විශ්වාස කළ ද ගාල්ල දිස්ත්‍රික්කයේ පමණක් සිදුව ඇති කො‍රෝනා මරණ 21ක් අතරින් මේ දක්වා රජය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත්කර ඇත්තේ මරණ 03ක් පමණි. මාතර දිස්ත්‍රික්කයේ කොරෝනා මරණ 10ක් සිදුව ඇති අතර මේ දක්වා ප්‍රකාශයට පත්කර ඇත්තේ මරණ තුනක් පමණි. හම්බන්ත‍ොට දිස්ත්‍රික්කයේ කොරෝනා මරණයක් සිදුව ඇති අතර රජය එය මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත්කර නැත.

ප්‍රනාන්දුපුල්ලේ රාජ්‍ය අමාත්‍යවරියගෙන් සෞඛ්‍ය බලධාරීන් මේ කරුණු වසන් කරනවා ද යන්න rata.lk අප දන්නේ නැත. නැතිනම් ඇමතිනිය හිතාමතා වැරදි සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරන්නට ඇතැයි අප විශ්වාස කරන්නේ නැත. විශේෂඥ වෛද්‍යවරියක වන ඇය සෞඛ්‍ය තොරතුරු වසං කිරීමේ භයානක බව අපට වඩා හොඳින්ම දන්නා තැනැත්තියකි.

‍ඇය මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. කොරෝනා මරණ පිළිබඳ නිවැරදි තොරතුරු රජය හෙළි කරන බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරියගේ අවධානය පිණිස මෙතෙක් දකුණු පළාතේ සිදුව ඇති කොරෝනා මරණ 32ක් පිළිබඳ නිවැරදි දත්ත මෙලෙස අප සටහන් කර තබන්නේ ඇගේ දැනගැනීම පිණිසය.

පාර්ලිමේන්තුවට කවරක් කීව ද ඇත්ත තත්ත්වය මේ ලේඛන අනුව සොයාබලන ලෙස අපි රාජ්‍ය අමාත්‍යවරියගෙන් ඉල්ලා සිටිමු.

දකුණු පළාතේ සිදු වූ කොරෝනා ආසාදිත මරණ ලේඛනය

ගාල්ල දිස්ත්‍රික්කය

  1. මිලිද්දුව මරණය  (42)  – මියගියේ කළුබෝවිල රෝහලේ දී, දෙහිවල පදිංචිබවට ව්‍යාජ ලිපිනයක් ලබා දී ඇත. වකුගඩු රෝගයට ප්‍රතිකාර ගැනීමට රෝහලට ඇතුළත් කර සිටිය දී මියගිය අතර කොරෝනා ආසාදිත බව මරණයෙන් පසු තහවුරු කරගන්නා ලදී
  2. අහුංගල්ල (52)  – අක්කර 20 පදිංචි අයෙකි. කොරෝනා ආසාදනය වීම නිසා හම්බන්තොට මූලික රෝහලට ඇතුළත් කර සිට නැවත නිවසට පැමිණි දින 14ක නිරෝදානයට අවසන් කළ දිනට පසුදින මියගොස් තිබිණි. කෙ‍රෝනා ආසාදනය සමඟ ඇති වූ හෘදයාබාධයකින් මියගියේය
  3. දෙද්දුගොඩ (74)  – නිවසේ දී මියගිය අතර නිරෝධායනය අවසන්කර නිවසට පැමිණ සිටි පුද්ගලයෙකි. මියගිය පසු කොරෝනා ආසාදිත බව තහවුරු විය. හෘදයේ සංකූලතා සහ දියවැඩියාව හේතුවෙන් මරණය සිදුව ඇත.
  4. ගිංතොට (84) – නිවසේ දී මියගොස් ඇත. කලක් රෝගීව එක්තැන්වී සිටි අයෙකි මරණයෙන් පසු ආසාදිත බව තහවුරු වූ අතර බහුවිද සංකූලතා හේතුවෙන් මියගොස් තිබේ.
  5. ගිංතොට (56) – නිවසේ දී ම මියගොස් ඇත. හෘදයේ ඇතිවූ සංකූලතා සහ කොරෝනා ආසාදිත වීම හේතුවෙන් මියගිය බවට තහවරු වී ඇත.
  6. ගිංතොට (57) – ගිංතොට නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමේ පදිංචිව සිටි කාන්තාවක් කොරෝනා ආසාදනය වී හෝමාගම මූලිික රෝහලේ දී මියගොස් ඇත. වකුගඩු ආබාධ සහ පෙනහළු ආසාදනයත් කොරෝනා ආසාදනය වීමත් හේතුවේන මියගොස් ඇත.
  7. හික්කඩුව දොඩංදූව (78) – කලක සිට පිළිකා රෝගයකින් පීඩා විදි ඇය රෝහල්ගතව ප්‍රතිකාර ලබා නිවසට ගොස් සිටිය දී රෝගාතුරව රෝහලට රැගෙන එන අතරතුර මියගොස් ඇත. මළ සිරුරෙන් කරන ලද පීසීආර් පරීක්ෂණයකින් ආසාදිත බව හඳුනාගෙන තිබිණි. සිරුර පුරාම පැතිරගිය පිළිකාව සහ කොරෝනා ආසාදනය හේතුවෙන් මියගොස් ඇත.
  8. ගිංතොට (61) – ගිංතොට ගොඩවත්ත පදිංචි පිරිමි පුද්ගලයෙකි. නිවසේ දී මරණය සිදුව ඇත. හෘද සංකූලතා සහ කොරෝනා ආසාදනය හේතුවෙන් මියගොස් ඇත.
  9. ගෝනාපීනුවල (52) – ගෝනාපීනුවල අලුත්වල පදිංචි කාන්තාවක් හෘද සැත්කමකට සූදානම් කරමින් සිටිය දී කරාපිටිය රෝහලේදී මියගොස් ඇත. කොරෝනා ආසාදනය වීම හා කිරීටක ධමනියේ අවහිරතා හේතුවෙන් මියගොස් ඇත.
  10. ගෝනාපීනුවල (60) – ගාල්ල බන්ධනාගාරයේ සිට ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට ගෙන යමින් සිටිය දී මියගොස් තිබේ. පාකින්සන් රෝගයෙන් දීර්ඝකාලයක් පීඩාවිඳි පුද්ගලයෙකි. බහුවිධ සංකූලතා සමඟ කොරෝනා ආසාදනයවීමෙන් මියගොස් ඇත.
  11. අක්මීමණ කෙහෙල්ගස්හේන පදිංචි 82 හැවිරිදි වියේ පසුවන කාන්තාවක් නිවසේ දී (24) දින  මියගියාය. කොරෝනා ආසාදිත බව 25 වැනි දින පීසීආර් පරීක්ෂණයකින් තහවුරු වූ අතර සිරුර අක්මීමණ ආදාහනාගාරයේ දී එදිනම සවස ආදාහනය කරන ලදී
  12. ගාල්ල කළුවැල්ලේ වැඩිහිටි නිවාසයක සිටි 87 හැවිරිදි කාන්තාවක් 25 වැනි දින මියගියාය. මරණයෙන් පසු කරන ලද පරීක්ෂණයකින් කොරෝනා බව තහවරු වීම හේතුවෙන් දඩල්ල ආදාහනාගාරයේ දී අවසන් කටයුතු සිදුකරන ලදී.
  13. ගාල්ල පදිංච 58 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී කොරෝනා ආසාදිත බව හඳුනාගැනීමෙන් අනතුරුව මුල්ලේරියාව මූලික රෝහලට මාරු කර යවා සිටිය දී 28 වැනි දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ කොරෝනා නිව්මෝනියාව සමඟ උග්‍ර වූ හෘදයාබාදයකි.
  14. ගාල්ලේ වංචාවල පැදින්නෝරුවේ පදිංචි 62 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් 30 සවස මීපේ රෝහලට ගෙන යන අතරතුර මියගොස් ඇත. මාස දෙකක කාලයක් එක්තැන්ව සිටි ඔහුගේ සිරුරු කරාපිටිය ශික්ෂණ රෝහලට එවීමෙන් පසු කරන ලද පීසීආර් පරීක්ෂණකින් හෙළි වී ඇත්තේ ඔහු කොරෝනා ආසාදනයෙන් මියගිය බවයි.
  15. ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ තලාපිටිය තක්කියා පාරේ පදිංචි 77 හැවිරිදි පිරිමි පුද්ගලයකු නිවසේ දී මියගොස් රෝහලට ගෙනවිත් කරන ලද පීසීආර් පරීක්ෂණයකින් කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබේ
  16. බො‌පේ පොද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසයේ ගිංතොට කුරුඳුවත්තේ පදිංචි 59 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් නිවසේ දී මියගොස් තිබේ
  17. කටුගොඩ පදිංචි 37 හැවිරිදි පුද්ගලකු කොරෝනා ආසාදනය වී මියගොස් ඇත. නිවසේ දී අධික උණ තිබීම හේතුවෙන් රෝහලට රැගෙන එන අතරතුර මියගොස් ඇත.
  18. ගාල්ල මිලිද්දුව පිදංචි 60 හැවිරදි පිරිමි පුද්ගලයෙක් 04 වැනිදා උදෑසන කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර සුළු වේලාවකින් මියගොස් තිබේ. ඔහු කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇත
  19. ගාල්ල පීටර් කිරිංගොඩ මාවතේ පදිංචිව සිටි වයස අවුරුදු 102ක් වූ කාන්තාවක් නිවසේ දී මියගොස් ඇති අතර මරණයෙන් පසු කරන ලද පීසීආර් පරීක්ෂණයෙන් ඇය කොරෝනා ආසාදිත කාන්තාවක බව තහවුරු වී තිබේ
  20. ගාල්ල හපුගල මොල්ලිගොඩවත්තේ පදිංචි කාන්තාවක් කොළඹ අයිඩීඑච් රෝහ‍ලේ දී මියගොස් ඇත වයස අවුරුදු 66කි. කරාපිටිය ශික්ෂණ රෝහලේ සිට කොරෝනා ආසාදිත බව හඳුනාගැනීමෙන් පසු ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත මාරු කර යවා ඇති අතර එම රෝහ‍ලේ දී පෙබරවාරි 05 වැනි දින මියගොස් ඇත. මරණයට හේතුව ලේ විෂවීම නිසා ඇතිවූ කම්පන තත්ත්වය හා කොරෝනා නිව්මෝනියාවයි.  
  21. ගාල්ල දංගෙදර පදිංචි 81 හැවිරිදි පිරිමි පුද්ගලයකු කරාපිටිය ශික්ෂණ රෝහලේ 19 වැනි වාට්ටුවේ දින 05ක් ප්‍රතිකාර ලබා මියගියේය. මරණයෙන් පසු කරන ලද පීසීආර් පරීක්ෂණයෙන් තහවුරු වූයේ ඔහු කොරෝනා ආසාදිත බවයි.

මාතර දිස්ත්‍රික්කය

  1. අකුරැස්ස (51) – ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දී ආසාදිත බව හඳුනාගෙන හම්බන්තොට රෝහලටත් එතැනින් හෝමාගම රෝහලටත් මාරුකර යවා තිබූ 51 හැවිරිදි කාන්තාවගේ මරණය සිදුව ඇත්තේ වකුගඩු ආබාධය සහ කොරෝනා ආසාදනය වීම හේතුවෙන් බව පවසයි
  2. දික්වැල්ල (62) – කෝට්ටගොඩ පදිංචි ධීවරයෙක් නිවසේ දී මියගගොස් ඇත. කොරෝනා ආසාදනය සමඟ ඇති වූ හෘද සංකූලතා හේතුවෙන් මරණය සිදුව ඇත.
  3. වැලිගම (මාස 02) – වැලිගම නගරයේ පදිංචි පවුලක බිළි‍‍ඳෙක් මාතර මහ රෝහලේ දී මියගොස් ඇත. උපතින්ම ‍හෘද රෝග තිබූ බිලි‍ඳෙකි
  4. වැලිගම (54) – වැලිගම පදිංචි කාන්තාවක් රෝගාතුර වී කරාපිටිය ශික්ෂණ රෝහලට ගෙන එමින් සිටිය දී මියගොස් ඇත. කොරෝනා නිව්මෝනියාවෙන් මරණය සිදුව ඇති බව පවසයි
  5. වැලිගම කඹුරුගමුවේ පදිංචි 72 හැවිරිදි පිරිමි පුද්ගලයකු කොරෝනා ආසාදනය වී හම්බන්ත‍ොට මූලික රෝහලට ඇතුළත් කර සිටිය දී 28 වැනි දින මියගියේය. (ඩී.පී.ගුණසේකර) 28 වැනි දින සවස ලුනම ආදාහනාගාරයේ දී දේහය ආදාහනය කර ඇත.
  6. වැලිගම දෙනිපිටියේ බේරුවල ගෙදර පදිංචි 67 හැවිරිදි එම්.එස්.එම්.ඉර්ෂාඩ් නමැති අයකු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර සිටිය දී කොරෝනා ආසාදිත බව තහවුරු කරගැනීමෙන් පසු 29 අළුයම මිය‍ගොස් ඇත. මරණය දඩල්ල ආදාහනාගාරයේ දී 29 වැනි දින ආදාහනය කරන ලදී.
  7. වැලිගම මිදිගම පදිංචි 71 හැවිරිදි කාන්තාවක් කොරෝනා ආසාදනය වී කඹුරුගමුව “ලැබීම” කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (30) අලුයම මියගියාය. ඇය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ඒකකයට ප්‍රතිකාර සඳහා ගොස් නිවසට පැමිණි පසු කොරෝනා ආසාදිත බව තහවුරු කරනෙ තිබිණි.
  8. කොරෝනා ආසාදනය වී මාතර කොටවිල රෝහලට ඇුතළත් කල මාලිම්බඩ පාලටුව පදිංචි 79 හැවිරිදි කාන්තාවක් එම රෝහලේ දී මියගියාය
  9. දික්වැල්ලේ රදම්පළ පදිංචි 78 හැවිරිදි කාන්තාවක් නිවසේ දී ඇදවැටීම හේතුවෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහලට යවා සිටිය දී මියගියාය. කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇත.
  10. මාතර නාවිමන ප්‍රදේශයේ පදිංචි 75 හැවිරිදි කාන්තාවක් නිවසේ දී මියගියාය. මරණයෙන් පසු කරන ලද පීසීආර් පරීක්ෂණයකින් ඇය කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබේ.

හම්බන්තොට දිස්ත්‍රික්කය

  1. සූරියවැව – සුරුවිරුගම පදිංචි පුද්ගලයකු කොරෝනා ආසාදනය වී හම්බන්තොට රෝහලට ඇතුළත් කර සිටිය දී මියගොස් ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!