-0.6 C
New York
Home Blog Page 1315

කොරෝනා ගැන දැන සිටි තොරතුරු වැරදියි ?

0

කොරෝනා වයිරසය මෙතෙක් සිතා සිටි කාලයට වඩා වැඩි කාලයක් මුදල් නෝට්ටු, දුරකථන තිර මත සහ මල නොබැදෙන වානේ වැනි පෘෂ්ඨයන් මත නොනැසී පවතින බව ඕස්ට්‍රේලියාවේ සිදුකළල පර්යේෂණකින් අනාවරණය වී ඇත.

පර්යේෂකයන් පවසන්නේ එම කාලය දින 28ක් වැනි දීර්ඝ කාලයක් බවයි.

මෙම පරීක්ෂණය අඳුරේ සිදුකර ඇති අතර පාරජම්බුල කිරණ මගින් එහි ස්වභාවයන් අධ්‍යයනය කර ඇත. කෙසේ වෙතත් ඇතැම් පර්යේෂකයන් මේ තර්ජනය පිළිිබඳ සැක පහළ කරයි. කොරෝනා සම්ප්‍රේෂණය වන්න් මිනිසුන්ගේ ගැස්ස කිවිසුම් යාම හෝ කතා කරන අවස්ථාවල දී බැවින් මතුපිට පෘෂ්ඨයන්හි තිබෙන වයිරස සිරුරට ඇතුළුවිය හැකි ද යන්න පිළිබඳ පර්යේෂණ පවත්වති.

එසේ වුව ද වාතයේ ඇති අංශු මගින් ද කොරෝනා පැතිර යා හැකි බවට සාධක මේ වනවිට ලැබී තිබේ. එක්සත් ජනපදයේ රෝග පාලන මධ්‍යස්ථානය පවසන්නේ ලෝහ හෝ ප්ලාස්ටික් වැනි වයිරස සහිත පෘෂ්ඨයක් ස්පර්ශ කිරීමෙන් යමෙකුට කොරෝනා ආසාදනය විහ හැකි බවයි.

-Advertisement-

පිරිමි ලෝක වාර්තාවක් සමකළ කාන්තා ක්‍රිකට් පිල

0

රිකී පොන්ටිං ගේ නායකත්වයෙන් යුතු ඕස්ට්‍රේලියානු කණ්ඩායම 2003 වර්ෂයේ දී තැබූ ලෝක වාර්තාවක් සම කිරීමට ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්විය.

එක්දින තරඟ 21ක් එකදිගට ජයග්‍රහණය කිරීම එම ලෝක වාර්තාවයි. නවසීලන්තයට එරෙහිව පැවැති තුන්වැනි එක්දින තරඟයේ දී ලකුණු 232 ක දැවැන්ත ජයක් ලබාගත් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ තම ‍රටේ පිරිමි කණ්ඩායම හා සම වීමට සමත්විය.

තරඟ තුනකින් සමන්විත තරඟාවලිය ද 3-0 ක් ලෙස ජයගත් කාන්තා කණ්ඩායම ඊට පෙර ඉන්දියාව, පාකිස්තානය, නවසීලන්තය, එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, ශ්‍රී ලංකාව යන රටවල කාන්තා කණ්ඩායම්වට එරෙහිව පැවැති තරඟාවලි ද 3-0ක් ලෙස ජය ගැනීමට සමත්ව තබිිණි.

2018 මාර්තු 12 වැනි දා සිට 2020 ඔක්තෝබර් 07 වැනිදා දක්වා තරඟ 21කට සහභාගී වූ ඔවුන් එම සියලු තරඟ යගෙන තිබිණි.

-Advertisement-

නරේන්ගේ ඉරියව්ව ගැන යළි සැකයක්

0

කොල්කටා නයිට්රයිඩර්ස් පිලේ දඟ පන්දු යවන ක්‍රීඩක සුනිල් නරෙන්‍ගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳ යළි සැකයක් මතුව තිබේ. ඔහු පසුගිය සෙනසුරාදා (10) කිංග්ස් XI කණ්ඩායම සමඟ පැවැති තරඟයේ දී නීති විරෝධී ලෙස පන්දු යැවූයේ යැයි විනිසුරුවරුන් විසින් වාර්තා කර ඇතැයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

පවතින නීතිරීති අනුව නරේන් අනතුරු ඇඟවීමේ ලේඛනයට අතුළත් කරනු ඇති අතර තරඟාවලියේ දී දිගටම පන්දු යැවීමට ඔහුට අවසර ලබාදීමට අයිපීඑල් තරඟාවලියේ නීති විරෝධී පන්දු යැවීමේ ක්‍රියකාරී ප්‍රතිපත්ති අනුව ඉඩ ලැබෙනු ඇත.

එසේ වුව ද නරේන්ගේ පන්දු යැවීම සම්බන්ධයේන තවත් වතාවක් විනිසුරුවරු පැමිණිලි කළහොත් පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කරග්නා තුරු මෙවර අයිපීඑල් තරඟාවලියේ ඔහුගේ පන්දු යැවීම අත්හිටුවන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ පන්දු යැවීම් ක්‍රියාකාරී කමිටුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. මෙම චෝදනා එල්ල වූ තරඟයේ දී නරේන් ලකුණු 28කට කඩුළු දෙකක් දවාගත්තේය. එම තරඟයෙන් ඔහුගේ පිල ලකුණු දෙකක තියුණු ජයක් ලැබීය.

-Advertisement-

කොල්කටා පිලට තියුණු ජයක්

0

කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායමට එරෙහිව සෙනසුරාදා (10) පැවැති අයිපීඑල් තරඟයෙන් ලකුණු දෙකක තියුණු ජයක් වර්තාකිරීමට කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩයාම සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 165ක ඉලක්කයක් හඹා ගිය පන්ජාබ් කණ්ඩායමට නියමිත ඕවර 20 අවසානයේ  කඩුලු 05 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 162ක් පමණි. දක්ෂ පන්දු යැවීමක නිරත වූ ප්‍රසිද් ක්‍රිෂ්ණා ලකුණු 29කට කඩුලු 3ක් ද, සුනිල් නරේන් ලකුණු 28කට කඩුලු 2ක් ද දවා ගනිමින් පන්ජාබ් කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.

පන්ජාබ් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් දුන් නායක ලොකේෂ් රාහුල් (74) සහ මායන්ක් අගර්වාල් (56) පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 86ක දී ලකුණු 115ක සම්බන්ධතාවක් ගොඩනැගූහ. පන්දු 58ක දී වාර්තා වූ රාහුල්ගේ අර්ධ ශතකයට හතරේ පහර 6ක් ඇතුළත් වූ අතර පන්දු 39කින් වාර්තා වූ අගර්වාල්ගේ අර්ධ ශතකයට හයේ පහරක් හා හතරේ පහර 6ක් අන්තර්ගත විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් කොල්කටා කණ්ඩායමේ කඩුලු 3ක් ලකුණු 63 දී බිඳ වැටිණි. එහෙත් ආරම්භක පිතිකරු ශුබ්මන් ගිල් (57) සමඟ එක්වූ නායක දිනේෂ් කාර්තික් (58) සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 43ක දී ලකුණු 82ක සම්බන්ධතාවක් ගොඩනගමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.

පන්දු 47කට මුහුණ දුන් ශුබ්මන්ගේ අර්ධ ශතකය හතරේ පහර 5කින් සමන්විත වූ අතර පන්දු 29ට මුහුණ දුන් කාර්තික් හයේ පහර 3කින් සහ හතරේ පහර 8ක් සිය අර්ධ ශතකයට ඇතුළත් කළේය. ඔයින් මෝගන් පන්දු 23ක දී ලකුණු 24ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 2ක් සමගිනි.

කොල්කටා නයිට්රයිඩර්ස් – පන්දු වාර 20 දී කඩුලු 6ට ලකුණනු 164

(ශුබ්මන් ගිල් 57, ඔයින් මෝගන් 24, දිනේෂ් කාර්තික් 58)

කිංග්ස් XI පන්ජාබ් – පන්දු වාර 20 දී කඩුලු 5ට ලකුණු 162

(ලොකේෂ් රාහුල් 74, මායන්ක් අගර්රවාල් 56, නිකලස් පූරන් 16, පුසිද් ක්‍රිෂ්ණා 29/3, සුනිල් නරේන් 28/2)

-Advertisement-

ගාල්ලට ආ 35ක් සොයයි. තොරතුරු ඇත්නම් කියන්න.

0

කොරෝනා ආසාදිත බවට තහවුරුකරගත් කාන්තාවක් කඩවත සිට ගාල්ලට පැමිණි අධිවේගී මාර්ග බස් රථයක ගමන් ගත් 35 දෙනකුට ‍ඉදිරිපත්වන ලෙස කොතෙකුත් ඉල්ලීම් කළ ද මේ දක්වා කිසිවෙකු ඉදිරිපත් නොවීම බරපතල ගැටලුවක් බව බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ලසන්ත උබේසේකර මහතා පවසයි.

මිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්තශාලාවේ සේවය කළ කාන්තාවක් පසුගිය ඔක්තෝබර් 04 වැනි ඉරිදා කඩවත සිට ගාල්ල බලා ධාවනය වූ අංක NB – 7323 දරණ බසයෙන් ගාල්ලට පැමිණ තිබේ. එම බස් රථය කඩවතින් ගමන් ආරම්භ කර ඇත්තේ ‍උදෑසන 6.30ට බව ද අනාවරණය වී ඇත. ගාල්ලේ වටරැක ප්‍රදේශයට පැමිණි ඇය කොරෝනා ආසාදිතයකු බව තහවුරු වී ඇති බැවින් මේ වනවිට රෝහල්ගත කර ප්‍රතිකාර ලබමින් සිටියි.

ඇය සමග බස් රථයේ පැමිණි පිරිස සමීප ස්පර්ශකයන් බැවින් ඔවුන්ට ඉදිරිපත්වන ලෙස ඉල්ලීම් කර ඇතත් මෙතෙක් කිසිවෙකු ඉදිරිපත් වී නැතැයි වෛද්‍ය උබේසේකර මහතා පැවසීය. මේ දක්වා ඉදිරිපත් වී ඇත්තේ බසයේ රියදුරු හා කොන්දොස්තර මහතා පමණි. ඔවුන් දෙදෙනා නිරෝධායනයට යොමු කර ඇත.

අනෙක් මගීන් 35 දෙනා මෙතෙක් සෞඛ්‍ය අංශ වෙත ඉදිරිපත් නොවීම බාහිර සමාජයට බරපතල ගැටලුවක් වන බව ද වෛද්‍ය උබේසේකර මහතාගේ අදහසයි. එබැවින් ඔවුන්ගැන තොරතුරක් දන්නේ නම් ළඟම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයකට හෝ ‍මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුට හෝ දැනුම් දෙන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලා සිටියි.

-Advertisement-

හලාවත උසස් පෙළ සිසුවාට කොරෝනා නෑ.

0

කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව කී හලාවත උසස් පෙළ සිසුවාගේ දෙවැනි පීසීආර් පරීක්ෂණය සෘණාත්මක වීම හේතුවෙන් ඔහු කොරෝනා ආසාදිතයකු නොවන බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

මෙම සිසුවා රෝගී වී සිටීම හේතුවෙන් වෛද්‍යවරයකු විසින් පීසීආර් පරීක්ෂණයක් සඳහා යොමු කර තිබිණි. පළමු පීසීආර් පරීක්ෂණයෙන් කොරෝනා ආසාදිතයකු බව තහවුරු වූයේ යැයි පවසමින් සිසුවා රෝහල්ගත කළ අතර ආශ්‍රිතයන් නිරෝධායනයට ද යොමුකර තිබිණි.

දෙවැනි පීසීආර් පරීක්ෂණය අනුරාධපුර රෝහලේ දී සිදුකළ බවත් එහි ප්‍රතිඵලය සෘණාත්මක වී ඇති බවත් පැවසේ. ඒ අනුව සිසුවා ආසාදිතයකු නොවන බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

-Advertisement-

ශිෂ්‍යත්වයට බෝධිපූජා පැවැත්වූ විහාරස්ථානයේ හිමිවරුන්ට කොරෝනා

0

අත්තනගල්‍ේ එළුවාපිිටියේ විහාරස්ථානයක හිමිවරු සිව් නමකට හා ගිහි පුද්ගලයකුට කොරෝනා ආසාදනය වී ඇති බවත් ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන් සඳහා ඊයේ (10) සවස එම විහාරස්ථානයේ බෝධි පූජා පිංකමක් පවත්වා ඇති බවත් සෞඛ්‍ය අංශ පවසයි.

මෙම තොරතුරු අනාවරණයවීමත් සමග එළුවාපිටිය ගම්මානයේ පදිංචිකරුවන්ට අද උදෑසන සිට ගමෙන් පිටවීම වැළැක්වීමට පොලිසිය කටයුතු කර තිබිණි. ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන් සමග යන දෙමාපියන්ට පමණක් ගමෙන් පිටවීමට හා ඇතුළුවීමට අවස්ථාව ලබාදුන් අතර මේ වනවිට ගම්මානය හුදකලා කිරීමට ගම්පහ දිස්ත්‍රික් ලේකම්වරයා කටයුතු කර තිබේ.

-Advertisement-

ගම්මාන 5ක් හුදකලා කරයි

0

අත්තනගල්ල සහ මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මාලිගාතැන්න කුරිකොටුව සහ එළුවාපිටිය යන ගම්මාන තුනත් මන්නාරම පට්ටිටෝට්ම් සහ පෙරියකඩෙයි යන ගම්මාන දෙකත් නැවත  දැනුම්දෙන තුරු හුදකලා ගම්මාන ලෙස නම් කර ඇත.

ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා පවසන්නේ පුද්ගලයන් 37 දෙනකු කොරෝනා ආසාදිතයන් බවට තහවුරුවීම හේතුවෙන් අත්තනගල්ල හා මීරිගම ගම්මාන තුන වසා දමා අධි ආරක්ෂිත කලාප බවට පත්කළ බවයි. මේ අනුව ග්‍රාම නිලධාරී වසම් 07කට අයත් පවුල් 3688ක පුද්ගලයන් 12,600ක් මෙලෙස හුදකලා ප්‍රදේශයට ඇතුළත් වේ.

පට්ටිටෝටම් හා පෙරියකඩෙයි ගම්මාන හුදකලා කළ බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විතයේ මධ්‍යස්ථාන ප්‍රධානී වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේනිද්‍ර සිල්වා මහතා නිල වශයෙන් දැනුම් දුන් බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

-Advertisement-

පොලිස් ‍ලොක්කන් පිරිසකට මාරුවීම්

0

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පොලිස්පති නීති, විනය හා කල්ක්‍රියා දිසාවට අමතරව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස පත් කර තිබේ.

ඊට අමතරව ගාල්ල දිසාව භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති කේ.එන්.ජේ. වෙදසිංහ මහතා බස්නාහිර පළාත් උතුරු දිසාවේ වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර ඇති බව වාර්තා විය.

මීට අමතරව පොලිස් මහජන සම්බන්ධතා කොට්ඨාශයේ අධ්‍යක්ෂ හා මාධ්‍ය ප්‍රකාශක තනතුරේ කටයුතු කළ ජාලිය සේනාරත්න මහතා කන්කසන්තුරය කොට්ඨාශය වෙත මාරු කර තිබේ.

විනය හේතූන් මත උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ පුද්ගලික සහකාර ලෙස අදාල ස්ථාන මාරුවීම ලබාදී ඇති බව වාර්තා වේ.

-Advertisement-

බදුයිදීන් සහෝදරයා මුදාහැරීම ගැන නීතිපති සොයයි

0

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ ප්‍රධාන විමර්ශන නිලධාරීවරයාට හෙට (12) දිනයේ තමා හමුවට පැමිණෙන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා දැනුම් දී තිබේ.

ඔවුන්‍ දෙදෙනා මෙලෙස කැඳවා ඇත්තේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතාගේ ‍සොහොයුරු රියාජ් බදුයිදීන් මුදාහැරීම සම්බන්ධයෙන් කරුණු විමසීමට බව ද සඳහන් වේ. එයට අදාල විමර්ශන වාර්තා ද රැගෙන තමන් හමුවට පැමිණෙන ලෙස නීතිපතිවරයා විසින් ඔවුන් වෙත දන්වා යවා ඇත.

-Advertisement-