ශිෂ්‍යත්වයට බෝධිපූජා පැවැත්වූ විහාරස්ථානයේ හිමිවරුන්ට කොරෝනා

0
55

අත්තනගල්‍ේ එළුවාපිිටියේ විහාරස්ථානයක හිමිවරු සිව් නමකට හා ගිහි පුද්ගලයකුට කොරෝනා ආසාදනය වී ඇති බවත් ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන් සඳහා ඊයේ (10) සවස එම විහාරස්ථානයේ බෝධි පූජා පිංකමක් පවත්වා ඇති බවත් සෞඛ්‍ය අංශ පවසයි.

මෙම තොරතුරු අනාවරණයවීමත් සමග එළුවාපිටිය ගම්මානයේ පදිංචිකරුවන්ට අද උදෑසන සිට ගමෙන් පිටවීම වැළැක්වීමට පොලිසිය කටයුතු කර තිබිණි. ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන් සමග යන දෙමාපියන්ට පමණක් ගමෙන් පිටවීමට හා ඇතුළුවීමට අවස්ථාව ලබාදුන් අතර මේ වනවිට ගම්මානය හුදකලා කිරීමට ගම්පහ දිස්ත්‍රික් ලේකම්වරයා කටයුතු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here