කොල්කටා පිලට තියුණු ජයක්

0
14

කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායමට එරෙහිව සෙනසුරාදා (10) පැවැති අයිපීඑල් තරඟයෙන් ලකුණු දෙකක තියුණු ජයක් වර්තාකිරීමට කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩයාම සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 165ක ඉලක්කයක් හඹා ගිය පන්ජාබ් කණ්ඩායමට නියමිත ඕවර 20 අවසානයේ  කඩුලු 05 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 162ක් පමණි. දක්ෂ පන්දු යැවීමක නිරත වූ ප්‍රසිද් ක්‍රිෂ්ණා ලකුණු 29කට කඩුලු 3ක් ද, සුනිල් නරේන් ලකුණු 28කට කඩුලු 2ක් ද දවා ගනිමින් පන්ජාබ් කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.

පන්ජාබ් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් දුන් නායක ලොකේෂ් රාහුල් (74) සහ මායන්ක් අගර්වාල් (56) පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 86ක දී ලකුණු 115ක සම්බන්ධතාවක් ගොඩනැගූහ. පන්දු 58ක දී වාර්තා වූ රාහුල්ගේ අර්ධ ශතකයට හතරේ පහර 6ක් ඇතුළත් වූ අතර පන්දු 39කින් වාර්තා වූ අගර්වාල්ගේ අර්ධ ශතකයට හයේ පහරක් හා හතරේ පහර 6ක් අන්තර්ගත විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් කොල්කටා කණ්ඩායමේ කඩුලු 3ක් ලකුණු 63 දී බිඳ වැටිණි. එහෙත් ආරම්භක පිතිකරු ශුබ්මන් ගිල් (57) සමඟ එක්වූ නායක දිනේෂ් කාර්තික් (58) සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 43ක දී ලකුණු 82ක සම්බන්ධතාවක් ගොඩනගමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.

පන්දු 47කට මුහුණ දුන් ශුබ්මන්ගේ අර්ධ ශතකය හතරේ පහර 5කින් සමන්විත වූ අතර පන්දු 29ට මුහුණ දුන් කාර්තික් හයේ පහර 3කින් සහ හතරේ පහර 8ක් සිය අර්ධ ශතකයට ඇතුළත් කළේය. ඔයින් මෝගන් පන්දු 23ක දී ලකුණු 24ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 2ක් සමගිනි.

කොල්කටා නයිට්රයිඩර්ස් – පන්දු වාර 20 දී කඩුලු 6ට ලකුණනු 164

(ශුබ්මන් ගිල් 57, ඔයින් මෝගන් 24, දිනේෂ් කාර්තික් 58)

කිංග්ස් XI පන්ජාබ් – පන්දු වාර 20 දී කඩුලු 5ට ලකුණු 162

(ලොකේෂ් රාහුල් 74, මායන්ක් අගර්රවාල් 56, නිකලස් පූරන් 16, පුසිද් ක්‍රිෂ්ණා 29/3, සුනිල් නරේන් 28/2)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here