ගම්මාන 5ක් හුදකලා කරයි

0
42

අත්තනගල්ල සහ මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මාලිගාතැන්න කුරිකොටුව සහ එළුවාපිටිය යන ගම්මාන තුනත් මන්නාරම පට්ටිටෝට්ම් සහ පෙරියකඩෙයි යන ගම්මාන දෙකත් නැවත  දැනුම්දෙන තුරු හුදකලා ගම්මාන ලෙස නම් කර ඇත.

ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා පවසන්නේ පුද්ගලයන් 37 දෙනකු කොරෝනා ආසාදිතයන් බවට තහවුරුවීම හේතුවෙන් අත්තනගල්ල හා මීරිගම ගම්මාන තුන වසා දමා අධි ආරක්ෂිත කලාප බවට පත්කළ බවයි. මේ අනුව ග්‍රාම නිලධාරී වසම් 07කට අයත් පවුල් 3688ක පුද්ගලයන් 12,600ක් මෙලෙස හුදකලා ප්‍රදේශයට ඇතුළත් වේ.

පට්ටිටෝටම් හා පෙරියකඩෙයි ගම්මාන හුදකලා කළ බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විතයේ මධ්‍යස්ථාන ප්‍රධානී වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේනිද්‍ර සිල්වා මහතා නිල වශයෙන් දැනුම් දුන් බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here