පිරිමි ලෝක වාර්තාවක් සමකළ කාන්තා ක්‍රිකට් පිල

0
47

රිකී පොන්ටිං ගේ නායකත්වයෙන් යුතු ඕස්ට්‍රේලියානු කණ්ඩායම 2003 වර්ෂයේ දී තැබූ ලෝක වාර්තාවක් සම කිරීමට ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්විය.

එක්දින තරඟ 21ක් එකදිගට ජයග්‍රහණය කිරීම එම ලෝක වාර්තාවයි. නවසීලන්තයට එරෙහිව පැවැති තුන්වැනි එක්දින තරඟයේ දී ලකුණු 232 ක දැවැන්ත ජයක් ලබාගත් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ තම ‍රටේ පිරිමි කණ්ඩායම හා සම වීමට සමත්විය.

තරඟ තුනකින් සමන්විත තරඟාවලිය ද 3-0 ක් ලෙස ජයගත් කාන්තා කණ්ඩායම ඊට පෙර ඉන්දියාව, පාකිස්තානය, නවසීලන්තය, එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, ශ්‍රී ලංකාව යන රටවල කාන්තා කණ්ඩායම්වට එරෙහිව පැවැති තරඟාවලි ද 3-0ක් ලෙස ජය ගැනීමට සමත්ව තබිිණි.

2018 මාර්තු 12 වැනි දා සිට 2020 ඔක්තෝබර් 07 වැනිදා දක්වා තරඟ 21කට සහභාගී වූ ඔවුන් එම සියලු තරඟ යගෙන තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here