හලාවත උසස් පෙළ සිසුවාට කොරෝනා නෑ.

0
16

කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව කී හලාවත උසස් පෙළ සිසුවාගේ දෙවැනි පීසීආර් පරීක්ෂණය සෘණාත්මක වීම හේතුවෙන් ඔහු කොරෝනා ආසාදිතයකු නොවන බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

මෙම සිසුවා රෝගී වී සිටීම හේතුවෙන් වෛද්‍යවරයකු විසින් පීසීආර් පරීක්ෂණයක් සඳහා යොමු කර තිබිණි. පළමු පීසීආර් පරීක්ෂණයෙන් කොරෝනා ආසාදිතයකු බව තහවුරු වූයේ යැයි පවසමින් සිසුවා රෝහල්ගත කළ අතර ආශ්‍රිතයන් නිරෝධායනයට ද යොමුකර තිබිණි.

දෙවැනි පීසීආර් පරීක්ෂණය අනුරාධපුර රෝහලේ දී සිදුකළ බවත් එහි ප්‍රතිඵලය සෘණාත්මක වී ඇති බවත් පැවසේ. ඒ අනුව සිසුවා ආසාදිතයකු නොවන බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here