කොරෝනා ගැන දැන සිටි තොරතුරු වැරදියි ?

0
58

කොරෝනා වයිරසය මෙතෙක් සිතා සිටි කාලයට වඩා වැඩි කාලයක් මුදල් නෝට්ටු, දුරකථන තිර මත සහ මල නොබැදෙන වානේ වැනි පෘෂ්ඨයන් මත නොනැසී පවතින බව ඕස්ට්‍රේලියාවේ සිදුකළල පර්යේෂණකින් අනාවරණය වී ඇත.

පර්යේෂකයන් පවසන්නේ එම කාලය දින 28ක් වැනි දීර්ඝ කාලයක් බවයි.

මෙම පරීක්ෂණය අඳුරේ සිදුකර ඇති අතර පාරජම්බුල කිරණ මගින් එහි ස්වභාවයන් අධ්‍යයනය කර ඇත. කෙසේ වෙතත් ඇතැම් පර්යේෂකයන් මේ තර්ජනය පිළිිබඳ සැක පහළ කරයි. කොරෝනා සම්ප්‍රේෂණය වන්න් මිනිසුන්ගේ ගැස්ස කිවිසුම් යාම හෝ කතා කරන අවස්ථාවල දී බැවින් මතුපිට පෘෂ්ඨයන්හි තිබෙන වයිරස සිරුරට ඇතුළුවිය හැකි ද යන්න පිළිබඳ පර්යේෂණ පවත්වති.

එසේ වුව ද වාතයේ ඇති අංශු මගින් ද කොරෝනා පැතිර යා හැකි බවට සාධක මේ වනවිට ලැබී තිබේ. එක්සත් ජනපදයේ රෝග පාලන මධ්‍යස්ථානය පවසන්නේ ලෝහ හෝ ප්ලාස්ටික් වැනි වයිරස සහිත පෘෂ්ඨයක් ස්පර්ශ කිරීමෙන් යමෙකුට කොරෝනා ආසාදනය විහ හැකි බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here