නරේන්ගේ ඉරියව්ව ගැන යළි සැකයක්

0
14

කොල්කටා නයිට්රයිඩර්ස් පිලේ දඟ පන්දු යවන ක්‍රීඩක සුනිල් නරෙන්‍ගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳ යළි සැකයක් මතුව තිබේ. ඔහු පසුගිය සෙනසුරාදා (10) කිංග්ස් XI කණ්ඩායම සමඟ පැවැති තරඟයේ දී නීති විරෝධී ලෙස පන්දු යැවූයේ යැයි විනිසුරුවරුන් විසින් වාර්තා කර ඇතැයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

පවතින නීතිරීති අනුව නරේන් අනතුරු ඇඟවීමේ ලේඛනයට අතුළත් කරනු ඇති අතර තරඟාවලියේ දී දිගටම පන්දු යැවීමට ඔහුට අවසර ලබාදීමට අයිපීඑල් තරඟාවලියේ නීති විරෝධී පන්දු යැවීමේ ක්‍රියකාරී ප්‍රතිපත්ති අනුව ඉඩ ලැබෙනු ඇත.

එසේ වුව ද නරේන්ගේ පන්දු යැවීම සම්බන්ධයේන තවත් වතාවක් විනිසුරුවරු පැමිණිලි කළහොත් පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කරග්නා තුරු මෙවර අයිපීඑල් තරඟාවලියේ ඔහුගේ පන්දු යැවීම අත්හිටුවන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ පන්දු යැවීම් ක්‍රියාකාරී කමිටුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. මෙම චෝදනා එල්ල වූ තරඟයේ දී නරේන් ලකුණු 28කට කඩුළු දෙකක් දවාගත්තේය. එම තරඟයෙන් ඔහුගේ පිල ලකුණු දෙකක තියුණු ජයක් ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here