spot_img
spot_imgspot_img

පානදුර ඝාතනයේ සුළමුල හෙළිවේ

පුවත්

විදෙස්

පානදුරේ පල්ලිමුල්ලේ දී සඳුදා (25) වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කිරීම මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ ආරවුලක් හේතුවෙන් සිදුවූවක් යැයි පොලිසිය පවසයි.

ඝාතනයට ලක්වූ පුද්ගලයා ද මත්ද්‍රව්‍ය බෙදාහරින්නකු බවත් වෙඩි තැබූ කණ්ඩායම හා ඔහු අතර මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ආරවුලක් පැවැති බවත් අනාවරණය වී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් එක් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති බවයි. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඝාතනයට ලක්වූ පුද්ගලයා සමඟ ත්‍රී රෝද රථයේ ගමන් ගත් අනෙක් පුද්ගලයාය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කිරීම සඳහා පොලිස් කණ්ඩායම් 03 ක් යොදවා ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!