spot_img
spot_imgspot_img

කොරෝනා නිසා පාසලක් වසා දමයි

පුවත්

විදෙස්

සිසුන් අතර කොරෝනා පැතිරීමේ අවදානම හේතුවෙන් හැටන් බොස්කෝ විද්‍යාලය අද (27) සිට නැවත දැනුම් දෙනතුරු තාවාකාලකිව වසා දැමීමට තීරණය කළ බව සෞඛ්‍ය අංශ පවසයි.

මෙම විදුහලේ 9 ශ්‍රේණියේ සිසුවකුට කොරෝනා ආසාදනය වී ඇති බව 22 වැනි දින හඳුනාගැනීම හේතුවෙන් ඔහුගේ පන්තියේ සිසුන් 37ක් හා ගුරුවරු 14 දෙනකු ස්වයං නිරෝධායනයට යොමුකර තිබිණි. ඔවුන්ගේ පීසීආර් පරීක්ෂණ වාර්තා අනුව සිසුන් 09 දෙනෙක් හා ගුරුවරුන් දෙදෙනකු ආසාදිත බව අද (27) තහවුරු විය.

ආසාදිත පළමු සිසුවා වාර්තාවීමෙන් පසු ඔහු අධ්‍යාපනය ලැබූ පන්ති වසා දමා ‍පාසල පවත්වාගෙන යාමට උපදෙස් දුන්න ද අද පාසල සම්පූර්ණයෙන් ම වසා විෂබීජහරණය කිරීමට තීරණය කරන ලදී.

පාසලේ සිසුන් 1481ක් ඉගෙනුම ලබන අතර ගුරුමණ්ඩලය 81 දෙනෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!