spot_img
spot_imgspot_img

ගාල්ලේ 11 වැනි කොරෝනා මරණය අක්මීමණ නිවසකින්

පුවත්

විදෙස්

අක්මීමණ කෙහෙල්ගස්හේන ප්‍රදේශයේ නිවසක මියගිය 82 හැවිරිදි කාන්තාවක් කෙරෝනා ආසාදිත බව කරාපිටිය ශික්ෂණ රෝහලේ දී කරන ලද පීසීආර් පරීක්ෂණයකින් අද (25) තහවුරු වී ඇතැයි සෞඛ්‍ය පවසයි.

දීර්ඝ කාලයක් පිළිකා රෝගයකින් පීඩා විඳිමින් සිටි මෙම කාන්තාව ඊයේ (24) නිවසේ දී මියයාමෙන් අනතුරුව සිරුර කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයට ගෙනවිත් ඇත. එහි දී පීසීආර් පරීක්ෂණය සිදුකර ඇත. මේ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව 11ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙම නිවසේ කිසිවකු කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන හෝ ආශ්‍රිතයකු වීම නිසා නිරෝධායනයට හෝ ලක්ව නොසිටි බව දැනගන්නට ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!