spot_img
spot_imgspot_img

ශ්‍රී පාදයට ගිය ගාල්ලේ පාසල් රගර් ක්‍රීඩකයන්ට කොරෝනා කතාව බොරුවක්. ඇත්ත මෙන්න

පුවත්

විදෙස්

ශ්‍රී පාද වන්දනාවේ ගොස් කොරෝනා ආසාදනය වූ තරුණයන් 06 දෙනා ගාල්ලේ පාසලක සිසුන් නොවන බවත් ඔවුන් රගර් කණ්ඩායමක් නියෝජනය නොකරන බවත් ආසාදිත තරුණයන් සහ ඔවුන්ගේ දෙමාපියෝ කියති.

නමුත් ගාල්ලල දිස්ත්‍රික් වසංගත රෝග වේදඥ වෙනුර සිංගාරච්චි පැවසූ බව කියමින් ඇතැම් මාධ්‍යවල දක්වා ඇත්තේ ගාල්ලේ පාසලක රගර් කණ්ඩායමක ක්‍රීඩකයන් 04 දෙනකුට හා මවකට කොරෝනා ආසාදනය වී ඇති බවයි. මෙම කණ්ඩායමේ ක්‍රීඩකයන් 12 දෙනකු දෙමව්පියන් සමඟ ජනවාරි 17 වැනිදා ‍ශ්‍රී ාද වන්දනාවේ ගොස් පැමිණ ඇති බවත් එහි දැක්වේ. මෙම පුවත සාවද්‍යය.

සතයය එය නොවේ. ශ්‍රී පාද වන්දනාවේ ගිය තරුණයන් සංඛ්‍යාව 09 දෙනෙකි. ඔවුන් සියලු දෙනාම මේ වනවිට තම පාසල් අධ්‍යාපනය හමාරකර වැඩි දුර අධ්‍යාපන කටයුතුවල සහ රැකියාවල නිරතව සිටින පිරිසකි. මොවුන් අතරින් වැඩි දෙනකු රගර් ක්‍රීඩාකර ඇති බව සත්‍යයක් වුව ද කිසිදු රගර් කණ්ඩායමක් නියෝජනය කරන්නෝ ද නොවෙති.

මෙම තරුණයන් 14 වැනි දින වන්දනාවේ ගොස් ඇති අතර මෙම ගමන සඳහාම එක් තරුණයකු කොළඹ සිට ගාල්ලේ චීන කොරටුවේ පිහිටි තම නිවසට පැමිණ මිතුරන් සමඟ ගමනට එකතු වී තිබේ. ඔවුන් ශ්‍රී පාද වන්දනාවේ ගොස් යළි පැමිණෙන විට චීන කොරටුවේ පදිංචි මව සහ පියා ආසාදිත බව දැනගෙන ගාල්ලේ පදිංචි තරුණයන් 06 දෙනකු ගාල්ල මිනුවන්ගොඩ නිවසක නිරෝධායනයට යොමුවී ඇත. ඊයේ (20) ඔවුන් ද රෝග ලක්ෂණ පෙන්වූ බැවින් සෞඛ්‍ය අංශවෙත ඒ බව දැනුම් දී කරාපිටිය ශික්ෂණ රෝහලෙන් පීසීආර් පරීක්ෂණ සිදුකරගෙන ඇති අතර ඉන් 04 දෙනකු ආසාදිත බව හඳුනාගෙන ඇත. හම්බන්තොට පදිංචි තවත් තරුණයකු හා යුද හමුදාවේ සේවයේ නිරත තරුණයකු ද මෙම කණ්ඩායමේ සිටි 09 දෙනා අතරින් ආසාදිත වී ඇති බව මේ වනවිට තහවුරු වී තිබේ.

මෙම තරුණයන් පවසන්නේ තම කණ්ඩායමේ එක් සාමාජිකයකුගේ මවත් පියාත් ආසාදිත බව දැනගන්නාවිට ගාල්ලට පැමිණ සිටි 06 දෙනාම එක් තැනක නිරෝධායනයට යොමු වී තම පවුල්වල සාමාජිකයන්ට වයිරසය බෝවීම වළක්වා ගත් බවයි.

මේ වනවිට ඔවුන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකර ඇති අතර තවත් තරුණයන් දෙදෙනකු කරාපිටිය ශික්ෂණ රෝහලේ 36 වාට්ටුවේ ප්‍රතිකාර ගනිති. ඔවුන් දෙදෙනාට කොරෝනා ආසාදනය වී නැතත් රෝග ලක්ෂණ ඇති බැවින් එලෙස නේවාසිකව සිටින බව සෞඛ්‍ය අංශ පවසයි.

වසංගත රෝග වේදඥ වෙනුර කේ. සිංගාරච්චි විසින් ගාල්ලේ පාසලක රගර් කණ්ඩායමක ක්‍රීඩකයන් ඔවුන්ගේ දෙමාපියන් සමඟ ගොස් මවක් හා ක්‍රීඩකයන් සිව් දෙනකු ආසාදනය වී ඇතැයි පැවසූ කතාව අසත්‍යයක් බැවින් ඒ පිළිබඳ විමසීමට ඔහු සම්න්ධ කරගැනීමට උත්සාහ ගත්ත ද දුරකථනවලට හෙමෙ පිළිතුරු සපයන්නේ නැත. ඔහු අපට කියන්නේ තමන් කියන දේ පමණක් පළ නොකර වෙනත් තොරතුරු ද පළකරන බැවින් අපට තොරතුරු නොදෙන බවයි.

එම පුවත් පළ වී තිබූ ආාකරය  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!