spot_img
spot_imgspot_img

ගාල්ලේ හැමතැනම ක‍ොරෝනා. අවදානම තේරුම්ගනිමු

පුවත්

විදෙස්

ගාල්ල දිස්ත්‍රික්යෙන් ගත වූ ‍දින දෙකේ දී කොරෝනා ආසාදිතයන් 67 දෙනකු වාර්තා වී ඇති අතර ඔවුන් ගාල්ලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15කින් වාර්තා වී තිබීම හේතුවෙන් පෙනී යන්නේ මේ වනවිට සමස්ත ගාල්ල දිස්ත්‍රික්කයම කොරෝනා අවදානමකට මුහුණ දී ඇති බවයි.

කොරෝනා දෙවැනි රැල්ල ආරම්භ වූ ඔක්තෝබර් මාසයේ සිට දෙසැම්බර් අවසානය දක්වාම ගාල්ල දිස්ත්‍රික්කයේ තැන් තැන්වලින් කොරෝනා ආසාදිතයන් වාර්තා වුව ද ඔවුන් වාර්තා වූයේ යම් යම් ප්‍රදේශ කේන්ද්‍රගත වෙමිනි. ආසන්න දිනවල දී සමස්ත දිස්ත්‍රික්කය පුරාම විහිදුණු ‍ආකාරයෙන් කොරෝනා ආසාදිතයන් වාර්තවීමක් දක්නට ලැබුණේ නැත.

බලපිටිය, කරන්දෙණිය, ගාල්ල, ඉඳුරුව හා බෝපේ පෝද්දල ප්‍රදේශවලින් මීට පෙර වැඩි වශයෙන් කොරෝනා ආසාදිතයන් වාර්තා වූ අතර එම ප්‍රදේශවල සක්‍රීය පොකුරු දක්නට ලැබිණි. එම ස්ථානවලින් කොරෝනා ආසාදිතයන් වාර්තාා වෙද්දී දිස්ත්‍රික්කය පුරාම කොරෝනා ආසාදිතයන් වාර්තාවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබුණේ නැත.

ගාල්ල දිස්ත්‍රික්කයේ ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 20 අතරින් පසුගිය 10 සහ 11 දින දෙකේ දී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15කින් ම ආසාදිතයන් වාර්තා වී තිබේ. ඉන් වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වූයේ ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙනි. එම සංඛ්‍යාව 24 දෙනෙකි.

ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයට අමතරව බද්දේගම, ඇල්පිටිය, හික්කඩුව, කරන්දෙණිය, නාගොඩ, නෙළුව, වැලිවිටිය දිවිතුර, අක්මීමණ, අම්බලන්ගොඩ, බලපිටිය, බෝපේ පෝද්දල, හබරාදුව, ඉඳුරුව, තවලම යන සෞඛ්‍ය නිලධාරී කොට්ඨාසවින් ආසාදිතයන් වාර්තා වන අතර

පසුගිය දින දෙකේ දී ආසාදිතයන් වාර්තා නොවූ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස වන්නේ රත්ගම, යක්කලමුල්ල, නියාගම, ඉමදුව හා ගෝනාපීනුවල යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 05 පමණි.

දින දෙකක් තුළ ගාල්ලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 20න් 15ක ම ආසාදිතයන් 67 දෙනකු හමුවී තිබීමෙන් පැහැදිලි වන්නේ කොරෝනා වසංතය සමස්ත ගාල්ල දිස්ත්‍රික්කය පුරාම ව්‍යාප්ත වී ඇති බවයි. මේ අතර ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ කළුවැල්ල කිත්තංගේ ආශ්‍රිතව සක්‍රීය කොරෝනා පොකුරක් ද දක්නට ලැබීම විශේෂත්යකි.

ගාල්ලේ පදිංචි කරුවන් මේ පිළිබඳ වඩාත් සැළකිලිමත් විය යුතු අතර  සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් අනුගමනය නොකරන්නේ නම් මෙය තවදුරටත් ව්‍යාප්තවිය හැකි බව අවබෝධ කරගත යුතුය. මේ ආසාදිතයන්ගෙන් වැඩි දෙනකු පෙර හඳුනාගත් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් යැයි පවසමින් ඇතැම් පුද්ගලයෝ අවදානම අඩුයැයි කීමට උත්සාහ ගත්ත ද ඔවුන් ආශ්‍රිත වූ ආසාදිතයන් වැඩි දෙනකු හමු වී ඇත්තේ අහඹු ලෙස කරන ලද පරීක්ෂණවලින් බව ද සිහි තබා ගත යුතුය.

මේ වනවිට කොරෝනා වයිරසය බාහිර සමාජයට පැමිණ තිබේ. මීටරයක් යා ගත නොහැකි කොරෝනා වයිරසය චීනයේ වූහාන් නගරයේ සිට ශ්‍රී ලංකාවට පැමිණ වසරකට ආසන්න කාලයක් ගත වෙද්දී ශ්‍රී ලංකාවේ ආසාදිත වූ මිනිසුන්ගෙන් එය සමාජ ගත නොවූබවට තවමත් පැවසීම විහිළුවක් පමණක් බව පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව ප්‍රමාණාත්මකව වැඩි ක‍ළහොත් සක් සුදක් සේ පැහැදිලි වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!