spot_img
spot_imgspot_img

රන්ජන්ට සිර දඬුවම්

පුවත්

විදෙස්

හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කරමින් අද (12) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 04ක සිර දඬුවමක් නියම කර තිබේ

සිසිර ද ආබෲ, විජිත් මළල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ඒකමතිකව මෙම තීන්දුව ප්‍රකාශයට පත්කරන ලදී.  

සභාපති විනිසුරු සිසිර ද ආබෲ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් කියා සිටියේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් වගඋත්තරකාර රන්ජන් රාමනායක වෙත එල්ල කර තිබෙන අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බවයි.

ඒ අනුව ඔහු අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කරන බවත් බරපතළ වැඩ සහිත වසර හතරක සිරදඬුම් නියම කරන බවටත් තීන්දුව ප්‍රකාශයට පත් කෙළ්ය.

විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන සුනිල් පෙරේරා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළ පැමිණිල්ලකට අනුව නීතිපතිවරයා විසින් වගඋත්තරකාර රන්ජන් රාමනායක හිටපු අමාත්‍යවරයාට එරෙහිව එම චෝදනා පත්‍රය ඉදිරිපත් කර තිබුණි.

2017 වසරේ අගෝස්තු මස 21 වන දා කොළඹ, අරලියගහ මන්දිරයේ දී එවකට අගමැති රනිල් වික්‍රමසිංහ සමඟ පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව ජනමාධ්‍ය වෙත අදහස් දැක්වූ රන්ජන් රාමනායක මෙරට විනිසුරුවරුන්ගෙන් හා නීතිඥවරුන්ගෙන් බහුතරය දූෂිතයන් බවට ප්‍රකාශ කර තිබුණි.

එම ප්‍රකාශය තුළින් රන්ජන් රාමනායක මෙරට අධිකරණ පද්ධතිය කෙරෙහි මහජනතාව තබා තිබෙන විශ්වාසය පළුදු කිරීමට ක්‍රියාකර ඇති බවත් ඒ තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවත් පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

ඒ අනුව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු විභාගයක් පවත්වා සුදුසු දඬුවම් නියම කරන ලෙස ද එම පැමිණිල්ල මගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන්  ඉල්ලා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!