spot_img
spot_imgspot_img

EPF කෝටි 1,200කට පොලු තියලා

පුවත්

විදෙස්

රාජ්‍ය හා පුද්ගලික ආයතනවලින් රුපියල් කෝටි 1,200ක මුදලක් මේ වනවිට සේවක අර්ථසාධක අරමුදලේ දායක මුදල් ලෙසින් අය විය යුතු තිබෙන බව කම්කරු ඇමති නිමල් සිරිපාල ද සිල්වා පවසයි.

2020 ජනවාරි 01 වැනි දා වනවිට සේවක අර්ථසාධක අරමුදලේ දායක මුදල් ගෙවීම් පැහෑර හැරීම් සම්බන්ධයෙන් නඩු 11,549ක් රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවලට එරෙහිව පවරා ඇති බවත් අක්‍රීය නඩු ද ඇතුළත්ව මේ වනවිට පවරා ඇති සම්පූර්ණ නඩු සංඛ්‍යාව 16,000ක් පමණ වන බවත් අමාත්‍යවරයා පවසයි.

දිගින් දිගටම දායක මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මේ වනවිට රජයේ අවධානය යොමුව ඇති බව පැවසූ ඇමතිවරයා දායක මුදල් ගෙවීම පැහැර හරින හාම්පුතුන්ට එරෙහිව මේ වසරේ දී දැඩිව නීති ක්‍රියාත්මක කරන බව ද කියයි.

මේ මුදල් ඉක්මණින් අයකර ගැනීම සඳහා 1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීමට පියවර ගන්නා බවත් අර්ථසාධක ගෙවීම් පැහැර හැරීමේ නඩු කම්කරු විනිශ්චය සභා වෙත යොමු කර කඩිනමින් එම මුදල් අයකර ගැනීමට කටයුතු කරන බවත් ඇමතිවරයා කීවේය.

කෙසේ වුව ද කොරෝනා වසංගතය හේතුවෙන් බලපෑමට ලක්ව සිටින ආයතනවලට හිඟ මුදල් ගෙවීම සඳහා යම් කිසි සහන කාල පරිච්ඡේදයක් ලබාදීමට ද  කම්කරු ආමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!