spot_img
spot_imgspot_img

හුදකලා බව ඉවත්කරන ප්‍රදේශ, තවදුරටත් හුදකලා ප්‍රදේශ ගැන දැනගන්න

පුවත්

විදෙස්

කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා හුදකලා කරන ලද ඇතැම් ප්‍රදේශවල හුදකලා බව ඉවත්කිරීම, තවදුරටත් හුදකලා බව පවත්වාගෙන යාම සහ අලුතෙන් හුදකලා ප්‍රදේශ බවට පත්කිරීම පිළිබඳ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම ස්ථාන පිළිබඳ පහත විස්තර සඳහන් කර තිබේ.

කොළඹ දිස්ත්‍රික්කය

දෙසැම්බර් 14 වැනි දා අළුයම 5.00 සිට හුදකලා බව ඉවත් කරන ප්‍රදේශ

  1. සිරිසඳ සෙවණ නිවාස යෝජනා ක්‍රමය (ග්‍රෑන්පාස් පොලිස් බල ප්‍රදේශයේ)
  2. සිරිමුතු උයන (ග්‍රෑන්පාස් පොලිස් බල ප්‍රදේශයේ)
  3. ලක්හිරු සෙවණ දුම්රිය මහල් නිවාස (මාළිගාවත්ත පොලිස් බල ප්‍රදේශ‌යේ)
  4. සිරිසර උයන (බොරැල්ල පොලිස් බල ප්‍රදේශයේ)

තදුරටත් හුදකලා බව ක්‍රියාත්මක ප්‍රදේශ

  1. මෝදර පොලිස් වසම
  2. කොටහේන පොලිස් වසම
  3. ආදරුප්පුවීදිය පොලිස් වසම
  4. වේල්ලවීදිය පොලිස් වසම
  5. කෙසෙල්වත්ත පොලිස් වසම
  6. මාළිගාවත්ත පොලිස් වසම
  7. දෙමටගොඩ පොලිස් වසම
  8. මරදාන පොලිස් වසම
  9. කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ වෑකන්ද ග්‍රාම නිලධාරී වසම
  10. බොරැල්ල පොලිස් වසමේ වනාතමුල්ල ග්‍රාම නිලධාරී වසම
  11. වැල්ලම්පිටිය පොලිස් වසමේ සාලමුල්ල, ග්‍රාම නිලධාඍී වසම සහ ලක්සඳ සෙවණ නිවාස යෝජනා ක්‍රමය
  12. මට්ටක්කුලිය පොලිස් වසමේ ෆර්ගසන් පාරේ දකුණු කොටස
  13. කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ හුණුපිටිය ග්‍රාම නිලධාරී වසම
  14. කුරුඳුවත්ත පොලිස් වසමේ 60 වත්ත
  15. වැල්ලවත්ත පොලිස් වසමේ කෝකිලා පාර

හෙට (14) දින උදෑසන 5.00 සිට අලුතෙන් හුදකලා ලෙස නම් කරන ප්‍රදේශ

  1. වැල්ලවත්ත පොලිස් වසමේ මයුර පෙදෙස

ගම්පහ දිස්ත්‍රික්කය

හෙට (14) දින උදෑසන සිට හුදකලා බව ඉවත්කරන ප්‍රදේශ

වත්තල පොලිස් වසම

  1. කෙරවල පිටිය ග්‍රාම නිලධාරී වසම
  2. හේකිත්ත ග්‍රාම නිලධාරී වසම
  3. කුරුඳුහේන ග්‍රාම නිලධාරී වසම
  4. ඇවරිවත්ත ග්‍රාම නිලධාරී වසම
  5. වැලිකඩමුල්ල ග්‍රාම නිලධාරී වසම

පෑලියගොඩ පොලිස් වසම

  1. පට්ටිය-උතුර ග්‍රාම නිලධාරී වසම

තවදුරටත් හුදකලා බව ක්‍රියාත්මක ප්‍රදේශ

පෑළියගොඩ පොලිස් වසමේ

  1. පෑළියගොඩවත්ත ග්‍රාම නිලධාරී වසම
  2. පෑළියගෙඩ ගඟබඩ ග්‍රාම නිලධාරී වසම
  3. මීගහවත්ත ග්‍රාම නිලධාරී වසම

කිරිබත්ගොඩ පොලිස් වසමේ

  1. වෙළේගොඩ උතුර ග්‍රාම නිලධාරී වසම

මීගමුව පොලිස් වසමේ

  1. තලදූව ග්‍රාම නිලධාරී වසමේ MC නිවාස සංකීර්ණය

වේයන්ගොඩ පොලිස් වසමේ

  1. හිරිපිටිය දකුණ ග්‍රාම නිලධාරී වසමේ නිදහස් මාවත

හෙට (14) උදෑසන 5.00 සිට අලුතෙන් හුදකලා ලෙස නම් කරන ප්‍රදේශ

වත්තල පොලිස් වසමේ

  1. කෙරවලපිටිය ග්‍රාම නිලධාරී වසමේ නයිදූව ප්‍රදේශය
  2. වැලිකඩමුල්ල ග්‍රාම නිලධාරී වසමේ දූවේ වත්ත ප්‍රදේශය

පෑළියගෙඩ පොලිස් වසමේ

  1. පට්ටියමුල්ල ග්‍රාම නිලධාරී වසමේ රෝහණ විහාර මාවත

කිරිබත්ගොඩ පොලිස් වසමේ

  1. හුණුපිටිය උතුර ග්‍රාම නිලධාරී වසමේ වැදිකන්ද ප්‍රදේශය

නිට්ටඹුව පොලිස් වසමේ

  1. තිහාරිය උතුර සහ තිහාරිය නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම්වල වාරණ පන්සල පාර, කත්තොට පාර සහ හිද්‍රා මාවතට ඇතුළත් වන ප්‍රදේශ

කළුතර දිස්ත්‍රික්කය

හෙට (14) උදෑසන 5.00 සිට අලුතින් හුදකලා ලෙස නම්කර ඇති ප්‍රදේශ

  1. බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වේගන්ගල්ල නැගෙනහිර සහ වේගන්ගල්ල බටහිර ග්‍රාම නිලධාරී වසම්
  2. කුඩා හීනිටියන්ගල ග්‍රාම නිලධාරී වසමේ මරික්කාර් වීදිය

දිවයිනේ අනිකුත් දිස්ත්‍රික්කවල හුදකලා කර ඇති ප්‍රදේශයන් නැවත දැනුම්දෙන තුරු තවදුරටත් හුදකලා ප්‍රදේශ වශයෙන් පවතින බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!