spot_img
spot_imgspot_img

කෝලි, ක්‍රිකට්වලින් තාවකාලිකව ඈත්වෙයි

පුවත්

විදෙස්

කෙටි කාලයක් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඈත්ව සිටීමට ඉන්දියාවේ විරාත් කෝලි තීරණනය කර තිබේ.

තමන්ට මාසයක පමණ කාලයක් ක්‍රිකට්වලින් ඈත්ව සිටිය යුතු යැයි ඔහු ඉන්දීය ක්‍රිකට් ආයතනයට යොමුකර ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වූ ජ්‍යේෂ්ඨ ඉන්දීය ක්‍රීඩකයින් රැසක් මේ වනවිට ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේදී විවේක ගන්වා ඇත. කෝලි මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ එවන් පසුබිමකය.

එළඹෙන දකුණු අප්‍රිකා සංචාරයට තමන්ට විවේකය අවශ්‍යයැයි ද කෝලි දැනුම් දී තිබේ.

ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ තමන් දෙසැම්බර් මස 26 සිට නැවත සිය කණ්ඩායම සමග එක්වන බවය.

ඉන්දීය කණ්ඩායමේ දකුණු අප්‍රිකා සංචාරය පළමු තරගය එළඹෙන දෙසැම්බර් මස 10 වනදා ආරම්භ වන අතර එම සංචාරයේදී ටෙස්ට් තරග 2ක් විස්සයි විස්ස සහ එක්දින තරග 3කට ඉන්දීය කණ්ඩායම එක්වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!