-5.9 C
New York

මන්ත්‍රී අලි සබ්‍රි රහීම්ට තවත් බරපතල චෝදනාවක්

Published:

පුත්තලමේ රජයේ ඉඩමක් පුද්ගලික සමාගමක් නමින් ලබාගෙන ලුණු වසර 14ක පමණ කාලයක් ලුණු නිෂ්පාදනය කර ඇතත් රජයට ගෙවිය යුතු රුපියල් කෝටි 20ක පමණ මුදලක් ගෙවා නොමැති බව පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී අනාවරණය වී තිබේ.

අක්කර 214ක් වූ මෙම භූමිය භුක්ති විඳ ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම්ට බව ද චෝදනා එල්ල වෙයි.

පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී චින්තක මායාදුන්න මෙසේ කීවේය.  

පුත්තලම දිස්ත්‍රික්කයේ අක්කර 214ක රජයේ ඉඩමක් වසර ගණනාවක් ලුණු නිෂ්පාදනය සඳහා යොදාගෙන තියෙනවා. නමුත් මේ ඉඩම වෙනුවෙන් රජයට ගෙවිය යුතු බදු මුදල් ගෙවලා නෑ.  අලි සබ්‍රි රහීම් මන්ත්‍රීවරයා මේ ඉඩම ගැන එයාම කිව්වාම තමයි අපි මේ ගැන දන්නේ. තරාතිරම නොබලා මේ මුදල් අයකරගන්න ඕනෑ. මේ දේපළ රජයේ නිසා ඒවා රජයේ සන්තකයේ තියා ගන්න. දැන් සාක්ෂි එක්ක මේවා හෙළිදරව් වෙලා තියෙනවා. ඉතින් නීතිය ක්‍රියාත්මක විය යුතුයි.”

Related articles

Recent articles

spot_img