spot_img
spot_imgspot_img

රෝගියකුට පහර දී ඝාතනය කළා යැයි, සෞඛ්‍ය සේවකයන් 04ක් සැකපිට රිමාන්ඩ්

පුවත්

විදෙස්

අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටි ‍පුද්ගලයකුට පහර දී ඝාතනය කරන ලදැයි සැකපිට අත්අඩංගුවට ගත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 04 දෙනකු ලබන මස 10 වැනි දා දක්වා රිමාන්ඩ් කිරීමට කටයුතු කර තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ පාදුක්ක වටරැක සමනලතැන්නේ පදිංචි 47 හැවිරිදි එක්දරු පියෙකි.

ඔහුට  පහරදීම හේතුවෙන් මරණය සිදුව ඇතැයි තහවරු වීම නිසා රිමාන්ඩ් කරන ලද හතරදෙනාගේ වැඩ තහනම් කර අමාත්‍යාංශ මට්ටමින් පරීක්ෂණයක් ද පවත්වන බව රෝහල් අධයක්ෂ ධම්මිකා විජේසිංහ පවසයි. ඇය පවසන්නේ අධිකරණ වෛද්‍ය වාර්තාව අනුව පහරදීමක් පිළිබඳ තහවුරු වූ නිස සීසීටීවී පරීක්ෂා කළ බවයි. එවිට කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ පිරිසක් පහ‍රදෙන බව තහවරු වූ බැවින් ඔවුන්ට එරෙහිව නිසි ක්‍රියාමාර්ග ගන්නා බව ද ඇය කියා සිටි‍යාය.

මෙම රෝගියාගේ මරණය සිදුව ඇත්තේ නාන කාමරයේ ලිස්සා වැටීමෙන් යැයි රෝහල් බලධාරීන් පවසා තිබිණි මරණය සම්බන්ධයෙන් කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේ දී පහරදීමකින් සිදු වූ අභ්‍යත්නර රුධිර වහනයකින් මරණය සිදුව ඇති බව අනාවරණය විය.

මියගිය පුද්ගලයා මානසික ගැටලුවක් සඳහා නේවාසිකව ප්‍රතිකාර ලබාගත් අයකු බවත්, ඔහු රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයට වතුර ඉසීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගැටුම හටගෙන ඇති බවත් පවුලේ ඥාතීන් පවසයි. මෙම මරණය සම්බන්ධයෙන් රෝගියාගේ ඥාතීන් මුල්ලේරියාව පොලීසියට පැමිණිලි තිබිණි. .

ඒ අනුව සැකපිට අත්අඩංගුවට ගත් රෝහල් සේවකයන් හතර දෙනා ඊයේ (29) අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අගෝස්තු 10 වැනිදා දක්වා රිමාන්ඩ් කෙරිණි.

මේ අතර මෙම සිදුවීම පිළිබඳව සොයා බැලීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විමර්ශනයක් ආරම්භ කර තිබේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පැවසුවේ ඒ සඳහා පත්කළ විශේෂ කමිටුව මේ වනවිටත් අදාළ රෝහලට ගොස් විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ද විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ඊට අදාළව කොමිසන් සභාවේ නිලධාරීන් පිරිසක් ඊයේ අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනය වෙත ගොස් රෝහල් අධ්‍යක්ෂවරිය ඇතුළු රෝහල් ප්‍රධානීන්ගෙන් මෙන්ම සෞඛ්‍ය කාර්යය මණ්ඩලවලින් ද ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!