spot_img

තවත් බස් රථ අනතුරකින් දෙදෙනකු මරුට

පුවත්

විදෙස්

මාර්ගයේ නවතා තිබූ කන්ටේනර් රථයක බස් රථයක් ගැටී අඹන්පොළ නගරයේදී අද(10) අළුයම සිදුවූ රිය අනතුරකින් දෙදෙනකු මියගොස් 15දෙනකු පමණ තුවාල ලබා රෝහල් ගතකර තිබේ. අද අළුයම 2.45ට පමණ මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තලාව ප්‍රදේශයේ පදිංචිව සිටි 32 හැවිරිදි සහ 71 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි.

තඹුත්තේගම තලාව මහවැලි ගම්මානයේ පදිංචි පිරිසක් කුරුණෑගල සිට තඹුත්තේගම දෙසට බස් රථයෙන් ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ.

තුවල ලැබූ අයගෙන් දෙදෙනකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචිමාර්ග පවසයි. කුරුණෑගල, ගල්ගමුව හා අඹන්පොල රෝහල් වල තුවාල ලැබූවෝ ප්‍රථිකාර ලබති.

පොලිසිය පවසන්නේ රියදුරුට නින්ද යෑම හේතුවෙන් අනතුර සිදුව ඇති බවට සැකකරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles