spot_img
spot_imgspot_img

ගුවන්තොටුපොළේ සේවකයකුට පහරදුන් රාජ්‍ය ඇමති

පුවත්

විදෙස්

තමන්ට තරහ ගිය නිසා ගුවන් තොටුපොළේ සේවකයකු පැත්තකට ඇදගෙන ගොස් කනට ගැසූ බව කුඩා සහ මධ්‍ය පරිමාන ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර පවසයි.

අමාත්‍යවරයාගේ පහරකෑමට ලක් වූ සේවකයා මේ පිළිබඳ ගුවන්තොටුපොළ පොලිසියට පැමිණිලි කරන්නට ගිය ද එම අවස්ථාවේ දී එහි ස්ථානාධිපතිවරයා නොසිටි බැවින් පසු දින පැමිණෙන ලෙස පොලිසියෙන් දැනුම් දී ඇතත් එම සේවකයා යළි පැමිණිලි කිරීමට එහි ගොස් නැත.

ගුවන් තොාටුපොළේ භාණ්ඩ ප්‍රවාහනය කරන පෝටර්වරයාට පහරදීමට අමතරව, ආරක්ෂක නිලධාරීන් කිහිප දෙනෙකුටද රණවීර රාජ්‍ය අමාත්‍යවරයා විසින් තර්ජනය කර ඇති බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර පසුගිය 14 වනදා අලුයම් කාලයේ දී සිය බිරිය හා ඇමති ආරක්ෂකයන් ද සමඟ කටුනායක ගුවන්තොටුපොළට ගොස් ඇත්තේ සිය බිරිඳ විදෙස්ගත කිරීම සඳහාය.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා ගිනිඅවි සහිත ඇමති ආරක්ෂකයන් ද සමගින් ප්‍රධාන දොරටුවෙන් ගුවන්තොටුපොළට ඇතුළුවීමට උත්සාහ දරා ඇති බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කළේය. එම අවස්ථාවේදී අමාත්‍යවරයාගේ ආරක්ෂකයන් සතු ගිනි අවි රැගෙන යාමට ඉඩදිය නොහැකි බව ගුවන්තොටුපොළ ආරක්ෂක නිලධාරීන් රාජ්‍ය අමාත්‍යවරයාට පවසා තිබේ.

එම අවස්ථාවේ දී ආරක්ෂක නිලධාරීන්ට බැන වදිමින් රාජ්‍ය අමාත්‍යවරයා කලහකාරී ලෙස හැසිරී ඇත.

අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයාගේ බිරිඳගේ ගමන් මලු රැගෙන ගිය පෝටර්වරයාට රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර විසින් පහරදී ඇති බවද ගුවන්තොටුපොළ ආරංචි මාර්ග පැවසීය.

සේවා සපයන පෝටර්වරයෙකුට රුපියල් 1,000.00ක මුදලක් ගෙවිය යුතු බවට ගුවන්තොටුපොළේම පුවරු මගින් සඳහන් කර ඇතත් රාජ්‍ය අමාත්‍යවරයා විසින් ඔහුට රුපියල් 700.00ක මුදලක් ලබාදීම සම්බන්ධයෙන් ඔහු විරෝධය පළකළ බව කියන සිදුවීමක් පහරදීමට මුල්වී ඇතැයි පැවසෙයි.

සිදුවීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරගෙන් විමසූ විට ඔහු කයා සිටියේ  “මට ඒ වෙලාවේ කේන්ති ගියා. මම කතා කරලා පැත්තකට ඇදන් ගියා. මම කනේ පහරක් ගැහුවා ඒක ඇත්ත.” යනුවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!