spot_img
spot_imgspot_img

පොලිසිය, ෆේස්බුක් සටහනක් පස්සේ පන්නයි

පුවත්

විදෙස්

කළුතර, නාගොඩ රෝහලේ දී තමන්ට සිදුවූ අපහසුතාවක් පිළිබඳ සමාජ මාධ්‍ය සටහනක් තැබූ ගුරුවරියක සොයා  අද (09) පොලිසිය පැමිණ ඇගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත.

මිල්ලනිය, දැල්කඩ ප්‍රදේශයේ පදිංචිකාරිනියක වන එම නිමේෂා මධුවන්ති නමැති ගුරුවරිය සමාජ මාධ්‍යයේ සටහන් කර තිබුණේ තම පියාගේ ඇන්ජිඕග්‍රෑම් පරීක්ෂණයක් සඳහා නාගොඩ රෝහලට ඇතුළත් වී අවස්ථාවේ දී එම පරීක්ෂණයේ තොරතුරු ඇතැයි කියමින් ලබාදුන් සංයුක්ත තැටියේ කිසිම තොරතුරක් නොතිබූ බවයි. එමෙන්ම තමන්ට නිසි තොරතුරු ලබා නොදී රස්තියාදු කළ බව ද ඇය පවසා තිබිණි.

මෙම චෝදනාවට ප්‍රතිචාර දක්වමින් නාගොඩ රෝහලේ ප්‍රධානියකු කියා සිටියේ රෝගියාගේ රෝගී තත්වයට අදාළ කිසිදු තොරතුරක් වසන් කිරීමක් හෝ වෛද්‍ය පරීක්ෂණවල කිසිදු අඩුපාඩුවක් සිදුකර නැති බවයි. එමෙන්ම ඇගේ පියාට බයිපාස් සැත්කමක් කිරීමට නිර්දේශ කර ඇති බව ද රෝහල් ප්‍රධානීන් පවසයි. එම රෝහලේ බයිපාස් සැත්කම් නොකරන බැවින් ඇයට සිදුකළ පරීක්ෂණ වාර්තා ලබා දී ඔවුන් පිටත්කර යැවූ බව ද රෝහල් ලධාරීන් පවසයි. යම් තාක්ෂණික දෝෂයක් මත අදාළ සංයුක්ත තැටියේ දත්ත කියවාගත නොහැකි වුවහොත් ඊට අදාළ රූපසටහන් ප්‍රතිකාවක් ද ලබාදී තිබූ බව රෝහල පවසයි.”

රෝහල් බලධාරීන් පවසන්නේ රෝගියාගේ දියණිය එම සංයුක්ත තැටියේ කිසිවක් නැතැයි ෆේස්බුක් සටහනක් දමා තිබූ බවයි. එම සටහන සම්බන්ධයෙන් රෝහල විසින් පොලිසියට පැමිණිලි කළ බවත් ඒ පිළිබඳ ප්‍රකාශයක් ගැනීමට ඇයට පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දුන්න ද එසේ නොපැමිණීම නිසා පොලිසිය ඇගේ නිවෙසට ගොස් ඇති බවත් රෝහල් ප්‍රකාශකයකු කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!