spot_img
spot_imgspot_img

යකදුරාට බැන්නා යැයි කාන්තාවගේ දිවි තොර කරලා

පුවත්

විදෙස්

යකදුරාගේ ආරක්ෂාව බොරුවක් යැයි කියමින් ඔහුට බැන වැදුණු කාන්තාවක් ඝාතතනයට ලක්ව ඇතැයි පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ ඇහැලියගොඩ, ඇරෑපොළ පදිංචි චන්ද්‍රිකා පෙරේරා නමැති 57 හැවිරිදි කාන්තාවකි.

ආර්ථික ගැටලු රැසකින් පීඩා විඳි මෙම කාන්තාවගේ අදහස වූයේ කිසිවකු තම පවුලට කරන ලද හූනියමක් නිසා මෙම තත්වය උදා වී ඇති බවයි. ඒ හේතුවෙන් කිරිඇල්ල ප්‍රදේශයේ යකදුරකු සොයාගත් ඇය ඔහුගෙන් විවිධ සේවාවන් ලබාගෙන ඇත.

රුපියල් ලක්ෂයකට වැඩි මුදලක් වැය කරමින් ඇය එම හූනියමක් ඉවත් කරගැනීමට උත්සාහ කළ අතර, යකදුරා විසින් ඇයට රන් සුරයක් ද පළඳවා තිබුණි.

මේ අතර එම කාන්තාව පසුගිය අප්‍රේල් 24 වැනිදා උදෑසන නිවසෙන් පිටව ගිය පසු ඇය ගැන කිසිදු තොරතුරක් නොමැති නිසා ඇගේ පුතු විසින් ඇහැලියගොඩ පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබුණේ තම මව අතුරුදන් වී ඇති බවට සඳහන් කරමිනි.

ඒ අනුව විමර්ශන ඇරැඹූ ඇහැළියගොඩ පොලීසිය චන්ද්‍රිකාගේ ජංගම දුරකථන අංකය ඔස්සේ දුරකථන විශ්ලේෂණ වාර්තාවක් ලබාගෙන තිබුණි.

පොලීසියට එහිදී සුවිශේෂි දුරකථන අංකයක් නිරීක්ෂණය වූ අතර, අප්‍රේල් 24 වනදා උදෑසන ඇයගේ දුරකථනයට අදාළ අංකයෙන් ඇමතුම් ගණනාවක් ලැබී තිබුණි.

එමෙන්ම ඇය ද එම අංකයට ඇමතුම් ලබාගෙන තිබූ බවට පොලීසියට නිරීක්ෂණය වී ඇත.

එම දුරකථන අංකයේ හිමිකරු කිරිඇල්ල ප්‍රදේශයේ පදිංචි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින පුද්ගලයකු බව සොයාගත් ඇහැලියගොඩ පොලීසිය වැඩිදුර තොරතුරු සොයා යෑමේදී අනාවරණය වූයේ, එම පුද්ගලයා රන් සුරයක් රන් භාණ්ඩ මිලදීගන්නා ස්ථානයකට විකුණා ඇති බවයි.

පොලීසිය එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ අදාළ සුරය අතුරුදන් කාන්තාවගේ බවය.

ඔහු අදාළ කාන්තාව කිරිඇල්ලට ගෙන්වාගෙන ඝාතනය කළ බවත් තමා යකදුරාගේ ගෝලයකු බවද ඔහු පාපෝච්චාරණය කර තිබේ.

සැකකරු වැඩිදුරටත් පවසා ඇත්තේ, හූනියම ඉවත් කර ගැනීමට කාන්තාවට දැමූ සුරයෙන් පළක් නොවූ බවට අවස්ථා කිහිපයකදී අදාළ යකදුරාට දුරකථනය මගින් කතා කර ඇය බැණ වැදුණු බවයි.

ඒ අනුව සැකකරු අදාළ කාන්තාවට පවසා ඇත්තේ “ගුරුන්නාන්සේ කොඩිවිනය ශක්තිමත් කරලා ආපහු සුරයක් හදලා දෙන්නම් කිව්වා… කිරිඇල්ලට එන” ලෙසය. 

පසුව එම කාන්තාව අප්‍රේල් 24 වනදා උදෑසනම ඇහැලියගොඩ සිට කිරිඇල්ලට පැමිණ ඇති අතර යකදුරා එහිදී සිය ගෝලයාට පවසා ඇත්තේ,  ‘‘මේ ගෑනිගෙන් හරි කරදරයක් තියෙන්නේ, මොනව හරි කරපං’’ යනුවෙනි.

ඒ අනුව, අදාළ පුද්ගලයා විසින් කෙටි මාර්ගයක් ඇති බව කාන්තාවට පවසා කැලෑබද ප්‍රදේශයකට ගෙන ගොස් ඝාතනය කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

ගෙල සිරකර ඇය ඝාතනය කළ පසු ඔහු ඇය පැළැඳ සිටි රන් සුරය ද රැගෙන, මළසිරුර කැලයේම අතු ගොඩක් යට සඟවා පළාගොස් තිබේ.

පසුව පොලීසිය පසුගියදා අදාළ ස්ථානයේ තිබී මළසිරුර සොයාගත් අතර ඒ වන විටත් මළසිරුර දැඩි ලෙස විනාශ වී තිබුණේ සතුන් හානි කිරීම හේතුවෙනි.

ඇයගේ පුත්‍රයා විසින් මළසිරුර හඳුනාගැනීම ද මෙහිදී සිදුකෙරුණු අතර අනතුරුව පොලීසිය විසින් අදාළ යකදුරාව ද අත්අඩංගුවට ගනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!