spot_img
spot_imgspot_img

ජනාධිපති සොයා විශේෂ මෙහෙයුම්

පුවත්

විදෙස්

හෙලිකොප්ටර් යානයකින් ගමන් කරමින් සිටි ඉරාන ජනාධිපති ඉබ්‍රහිම් රයිසි, විදේශ අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් රැගත් හෙලිකොප්ටර් යානයක් සොයා ඉරානයේ ආරක්ෂක අංශ සෝදිසි මෙහෙයුම් ආරම්භ කර තිබේ.

එරට මාධ්‍ය වාර්තා කරන්නේ අධික මිහිදුම සහිත අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ජනාධිපතිවරයා රැගත් හෙලිකොප්ටරය උසර්බයිජානයේ කඳුකර පෙදෙසකට හදිසියේ ම බැස්සවීමට සිදුව ඇති බවයි.

ජනාධිපතිවරයා රැගත් හෙලිකොප්ටර් යානය ගොඩබැස්සවූ ප්‍රදේශයට ළඟාවීමට මෙතෙක් නොහැකි වී ඇති අතර ඔවුන් සොයා සන්නද්ධ හමුදා කමාන්ඩෝ ඒකක ඇතුළු කණඩායම් 40ක් පමණ සෝදිසි මෙහෙයුම් ආරම්භ කර තිබෙ.

කෙසේවෙතත්, ජනාධිපතිවරයා ඇතුළු පිරිස සිටින ස්ථානයට මෙතෙක් කිසිවෙකුට ළඟාවීමට නොහැකිවී ඇති අතර ඔවුන්ව බේරා ගැනීමේ මෙහෙයුම් සඳහා ඉරාන සන්නද්ධ හමුදා, කමාන්ඩෝ ඒකක ඇතුළු කණ්ඩායම් 40ක් මේ වනවිට ක්‍රියාන්විතයට එක්ව සිටියි.

අසර්බයිජානයේ වේල්ලක් විවෘතකිරීමට යමින් සිටිය දී ඔවුන් මේ අනතුරට මුහුණ පා ඇත.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!