spot_img
spot_imgspot_img

කොළඹ ආරක්ෂාව වැඩි කිරීමට හේතු මෙන්න

පුවත්

විදෙස්

කොළඹ ස්ථාන කිහිපයකට ඊයේ (12) රාත්‍රී සිට ආරක්ෂාව තරකිරීමට රජය පියවර ගෙන  තිබේ. මේ වනවිට කොළඹ නගරයේ, කොළඹ විශ්වවිද්‍යාලය අවට ප්‍රදේශයේ සහ තදාසන්න ප්‍රෙද්ශ ගණනාවක පොලිසිය සහ හමුදා කණ්ඩායම් දැඩි ආරක්ෂාවක් යොදා ඇති ආකාරය දක්නට ලැබෙයි. ඊට අමතරව ස්ථාන කිහිපයක මාර්ග බාධක ද යොදා ඇත.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අගමැතිධූරයේ දිවුරුම් දෙන බවත්, ඒ නිසා මෙවැනි ආර්ක්ෂාවක් ලබා දී ඇති බවත් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් තිබිණි. නමුත් දේශපාලන අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන්නේ එවැනි සූදානමක් මෙතෙක් නොමැති බවයි.

මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව ප්‍රකාශ කළේ “ලැබී ඇති බුද්ධි තොරතුරක් අනුව අවශ්‍ය ආරක්ෂාව ලබා දී ඇති බවයි.“

මේ අතර රටපුරාම ආරක්ෂාව තර කිරීමේ මෙහෙයුම් දියත් කර ඇති බව ද වාර්තා වේ.

කොළඹ ආරක්ෂාව තරකරද්දී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු 30කට වැඩි පිරිසක් අද (13) ගාල්ල ලයිට්හවුස් හෝටලයට රැස්ව සිටිති. ඒ පොලිස් අත්අඩංගුවේ දී සැකකරුවන් මියයාම සහ අපරාධකරුවන් නොමැති අපරාධ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමටය. එම සාකච්ඡාව සඳහා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ සහ අගවිනිසුරුවරයා ද සහභාගී වන බව වාර්තා වෙයි.

මෙම ආරක්ෂාව තරකිරීම සම්බන්ධයෙන් බීබීසී කර ඇති විමසුමක දී යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රිවී හේරත් පවසා ඇත්තේ අද (13) දිනයේ විශේෂ මාර්ග බාධක කිහිපයක් අලුතෙන් යොදා ඇති බවයි. එහි දී පොලිසිය සහ හමුදාව මාර්ග බාධක යොදා ඇති බවත් හමුදාව ස්ටෑන්ඩ්බයි සිටින බවත් බ්‍රිගේඩියර්වරයා සඳහන් කර තිබිණි.

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය වැඩිවීම, බීමත්ව රිය පැදවීම, අපරාධ වැිවීම හේතුවෙන් මෙවැන්නක් සිදුකර ඇතැයි ද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා බීබීසී පුවත් සේවය සමඟ පවසා තිබේ.

“හමුදාව ඉන්නේ හදිසියක් වුණොත් රාජකාරී කරන්න සහ පොලිසියට උදව් කරන්න. රාජකාරී කටයුතු කරන්නේ පොලිසියෙන්. මේ කරන්නේ හදිසි අවස්ථාවකට මුහුණ දෙන්නේ කොහොමද කියලා බලන්න.“

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!